1960 ගණන් වල චිකාගෝහි උතුරු ලෝංඩේල් හි කාර්යබහුල සමූහය අන්තර් වාර්ගික ජීවිතය සඳහා නියමු ව්‍යාපෘති සමූහයකි. මධ්‍යම පන්තියේ අප්‍රිකානු ඇමරිකානුවෝ කිහිප දෙනෙකු කොන්ත්‍රාත් ක්‍රමයට නිවාස මිලදී ගත්තෝය. නිවාස අයිතියේ වගකීම්ද, කුලී ගෙවීමේ අවාසිද ඊට ඇතුළත් විය. කොන්ත්‍රාත් වෙළඳාමේදී, ගැණුම්කරු කිසිදු ප්‍රමාණයක් උපයා ගත්තේ නැති අතර එක් වාරිකයක් හෝ ගෙවීමට නොහැකි වුවහොත්, ඔහුගේ මුල් ගෙවීම, සියළු මාසික ගෙවීම් ඇතුළුව එම දේපළ ද එකෙනෙහිම අහිමි විය. කපටි ව්‍යාපාරිකයෝ විශාල ගණන්වලට ඒවා වික්කෝය. එක් වාරිකයක් නොගෙවූ විට එම පවුල් නිවාසවලින් ඉවත් කෙරින. තවත් පවුලක් එය කොන්ත්‍රාත් ක්‍රමයට මිලදී ගෙන, කෑදරකමින් පනගැන්වුනු ක්‍රියාවලිය දිගටම පැවැත්වුනි.

සාමුවෙල් තම පුතුන් ඉශ්‍රායෙලයේ විනිශ්චයකරුවන් ලෙස පත් කළේය. ඔවුන්ද කෑදරකමින් ක්‍රියාකළේය. ඔහුගේ පුත්‍රයෝ “ඔහුගේ මාර්ගවල” ගියේ නැත (1 සාමුවෙල් 8:3). සාමුවෙල්ගේ අවංකකමට සංසන්දනාත්මකව ඔහුගේ පුත්‍රයෝ “අයුතු ලාභය” දෙසට හැරී ඔවුන්ගේ වාසියට තම තත්ත්‍වය භාවිතා කළෝය. මේ අසාධාරණ හැසිරීම ඉශ්‍රායෙලයේ වැඩිමහල්ලන්ට සහ දෙවියන්වහන්සේට අප්‍රසන්න විය. එම නිසා පරණ ගිවිසුම පුරා අප දකින රජවරුන් පෙළක් ඇති විය (4-5පද).

දෙවියන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීම ප්‍රතික්‍ෂේප කළ විට එම අගයන් පිරිහීමට ඉඩහැරේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් අයුක්තිය මතුවෙයි. උන්වහන්සේගේ මාර්ගයේ ගමන් කිරීම යනු අවංකකම සහ යුක්තිය සාධාරණත්‍වය අපගේ වචන වලින් පමණක් නොව අපගේ ක්‍රියාවලින්ද පැහැදිලිව ප්‍රකාශවීමයි. එම යහපත් ක්‍රියා එතැනින් අවසන් වන පිණිස නොව ඒවා දැක අන් අය ස්වර්ගයේ පියාණන්ට ගෞරවය දීම සඳහාය.