දකුණු අප්‍රිකාවේ දරුණුම සිරගෙදර රැඳවියන් අතර ඇය සේවය කරන කාලයේ, ජොඇන් ෆ්ලැන්ඩර්ස්-තෝමස් හදවත් පරිවර්තනය කරන්නාවූ ක්‍රිස්තුස්වහන්සේගේ බලය අත්දුටුවාය. ඇගේ අත්දැකීම පිලිප් යැන්සිගේ “Vanishing Grace” (අතුරුදහන්වන අනුග්‍රහය) නම් ග්‍රන්ථයේ මෙසේ සටහන් කර ඇත: “ජොඇනා දිනපතා සිරකරුවන් බැහැදකිමින් ඔවුන්ට සමාව සහ සමගිය පිළිබඳ සරල ශුභාරංචි පණිවුඩයක් ගෙන ආවාය. ඇය ඔවුන්ගේ විශ්වාසය දිනාගෙන, අපයෝජනයට ලක්වූ තමන්ගේ ළමාකාලයේ පීඩා ගැන කථාකිරීමට ඔවුන් පොළඹවා, ගැටළු විසඳාගැනීමට වඩාත් යහපත් මාර්ගයක් පෙන්වාදුන්නාය. ඇය සිරගෙදරට යන්නට පටන්ගැනීමට පෙර වර්ශයේ නිලධාරීන්ට සහ රැඳවියන්ට විරුද්ධව බලහත්කාර ක්‍රියා 279ක් විය. නමුත් ඊළඟ වර්ශයේ ඇතිවූයේ දෙකක් පමණි.”

අපොස්තුළු පාවුල් මෙසේ ලියා ඇත, “එබැවින් යමෙක් ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින්නේ නම් ඔහු අලුත් මැවිල්ලක්ය. පරණ දේ පහව ගියේය. මෙන්න සියල්ලම අලුත්වී තිබේ” (2 කොරින්ති 5:17). ෆ්ලැන්ඩර්ස්-තෝමස් මෙන් එම නැවුම්භාවය අසීමිත ලෙස ක්‍රියාත්මක වනවා අප නුදුටුවද, පරිවර්තනය කිරීමේ ශුභාරංචි බලය, විශ්වයට බලාපොරොත්තුව සපයන විශාලතම බලය යි. නව මැවිල්ලක්! මොනතරම් පුදුමාකාර සිතුවිල්ලක්ද! යේසුස්වහන්සේගේ මරණය, උන්වහන්සේ මෙන් වීමේ ගමනකට අපව යොමු කරයි. උන්වහන්සේ මුහුණට මුහුණ දැකීමෙන් අවසන් වන ගමනක් (1 යොහන් 3:1-3 බලන්න).

ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස අපි අලුත් මැවිලි නැමති ජීවිතය සමරන්නෙමු. එහෙත් ක්‍රිස්තුස්වහන්සේ ඒ සඳහා ගෙවූ මිලය අපි කිසිදා අමතක නොකළ යුතුවෙමු. උන්වහන්සේගේ මරණය අපට ජීවිතය ගෙනදෙයි. “අප උන්වහන්සේ තුළ දෙවියන්වහන්සේගේ ධර්මිෂ්ඨකම වන පිණිස පාපයක් නොදත්තාවූ උන්වහන්සේ අප වෙනුවට පාපය වෙන්ට (දෙවියන්වහන්සේ) සැලැස්සු සේක (2 කොරින්ති 5:21).