“අපි නිවාඩුවකට යනවා” මාගේ භාර්‍ය්‍යාව අපගේ 3 හැවිරිදි මුණුපුරා ඔස්ටින් ට උද්යෝගයෙන් කීවේ අපගේ ගමනේ පළමු අදියර සඳහා පිටත් වෙමින් වාහනය පාරට දමනවාත් සමඟය. කුඩා ඔස්ටින් ඇය දෙස කල්පනාවෙන් බලා “මම යන්නෙ නිවාඩුවකට නෙමෙයි මම යන්නේ මිශනාරි ගමනක්!” යි කීවේය.

“මිශනාරි ගමන” යන සංකල්පය අපගේ මුණුපුරා කොහෙන් අහුලාගත්තාදැයි අපි නොදනිමු. නමුත් අප ගුවන් තොටුපොළ වෙත යන විට ඔහුගේ වචන මම මෙනෙහි කළෙමි : මම මේ නිවාඩු ගමන ගොස් සුපුරුදු වැඩවලින් විවේක ගන්නා විට, මම තවමත් දෙවියන්වහන්සේගේ මෙහෙවරක සිටිනා බවත්, මා කුමක් කළත් උන්වහන්සේට සේවය කළ යුතු බවත් මාගේ මතකයේ තිබෙනවාද?

රෝම අධිරාජ්‍යයෙහි අගනුවරවූ රෝමයේ ඇදහිලිවතුන් හට අපෝස්තුලු පාවුල් පැවසුවේ “උත්සාහවන්තකමේදී මැළි නොවෙල්ලා; ආත්මයෙන් ජ්වලිතවෙයල්ලා; ස්වාමින්වහන්සේට සේවයකරපල්ලා;” (රෝම 12:11). ඔහුට කිය යුතු වූයේ යේසුස්වහන්සේ තුළ අප උවමනාවෙන් සහ ජ්වලිතකමෙන් ජීවත්විය යුතු බවය. අපි දෙවියන්වහ්නසේගේ පරමාර්ථ වෙනුවෙන් ජීවත්වෙමින් උන්වහන්සේ දෙස බලා ඉන්නේ නම් ජීවිතයේ ඒකාකාරි අවස්ථාවන් පවා නව අරුතක් අපට ගෙන දෙයි.

අප ගුවන් යානයේ අසුන් ගන්නා විට මම යාච්ඤා කළේ “ස්වාමිනි, මා ඔබගේය, මේ සංචාරයේදී ඔබවහන්සේ මට කුමක් කිරීමට සූදානම් කර තිබුණද එය මඟ නොහරින්න මට උපකාර කරන්න”,  කියා ය.

උන්වහන්සේ තුළ සෑම දිනක්ම සදාකාලික වැදගත්කමක් ඇති මෙහෙවරකි!