ඉබේ වැහෙන දොරක් නොවැසී තැබීමට ටේප් කැබැල්ලක් අලවා තිබෙනවා ආරක්‍ෂක නිලධාරියා දැක එය ගළවා දැමුවේය. පසුව ඔහු බලන විට නැවත වරක් දොරට ටේප් කැබැල්ලක් අලවා තිබුණේය. ඔහු පොලිසියට දන්වා ඔවුන් පැමිණ සොරුන් 5 දෙනෙකු අත්අඩංගුවට ගත්තේය.

එක්සත් ජනපදයේ ප්‍රධාන දේශපාලන පක්‍ෂයක මුලස්ථානය වූ වොෂින්ටන් ඩී සී හි වෝටර්ගේට් ගොඩනැගිල්ලේ රැකියාව කළ තරුණ ආරක්‍ෂක නිලධාරියා තම රාජකාරිය අකුරටම කිරීම හේතුවෙන් විශාලතම දේශපාලන අපවාදයක් අනාවරණය කිරීමට හැකි විය.

නෙහෙමියා, යෙරුසලම වටා පවුර ගොඩනැගීම ආරම්භ කළේය. ඔහු එම කාර්යය ඉතා බැරැරුම්ව සිතට ගත්තේය. ව්‍යාපෘතිය අවසානය ලඟා වෙද්දී අසල්වැසි විරුද්ධකාරයෝ ඔහුට අසල ගමකදී අපි හමුවෙමු යැයි කීවෝය. මිත්‍රශීලි ආරාධනයක් පිටුපස සැඟවී තිබුනේ භයානක උගුලක් (නෙහෙමියා 6:1-2). නමුත් නෙහෙමියාගේ ප්‍රතිචාරය ඔහුගේ කැපවීමේ ගැඹුර ප්‍රදර්ශනය කළේය : “මම මහත් වැඩක යෙදී සිටිමි, ඒ නිසා එන්ට බැරිය. මා විසින් වැඩ අත්හැර දමා නුඹලා වෙතට එන පිණිස වැඩය නවතින්නේ කුමකටදැයි කියෙවුවෙමි ”(නෙහෙමියා 6:3).

ඔහුට යම් අධිකාරිත්‍වයක් තිබුණද, වීරයන්ගේ ලැයිස්තුවේ ඉහළ ස්ථානයක් දැරීමට ඔහුට හැකියාවත් නොතිබෙන්නට ඇති. ඔහු ශ්‍රේෂ්ඨ යුද්ධපතියෙකු, කවියෙකු, අනාගතවක්තෘ කෙනෙකු, රජෙකු හෝ මුනිවරයෙකු නොවීය. ඔහු කොන්ත්‍රාත්කරුවකු බවට පත්වූ පාත්‍රධාරියෙකි. නමුත් තමන් දෙවියන්වහන්සේට අත්‍යවශ්‍ය දෙයක් කරන බව ඔහු දැන සිටියේය. දෙවියන්වහන්සේ අපට කිරීමට ඇති දෙය අපි බැරැරුම් ලෙස රැගෙන උන්වහන්සේගේ බලයෙන් සහ සැපයීම තුළින් එය ඉහළින්ම කරමු.