මාගේ මුණුපුරා ‘රෝලර් කෝස්ටර්’ පෝලිමේ සිටියේය. එහි යාමට ඔහුගේ උස ප්‍රමාණවත්දැයි බැලීමට උස ලකුණුකර දැනගත් විට ඔහු සතුටින් ඉපිළ ගියේය. ජීවිතයෙන් වැඩි කොටසක් ‘අප ප්‍රමාණවත්ද?’ යන්න නොවේද?. ළදරු වාහක අසුනේ සිට ආසන පටියට මාරුවීමට, පසුපස අසුනේ සිට ඉදිරිපස අසුනට, රියදුරු පරීක්‍ෂණය සමත් වීමට, ඡන්දය දීමට, විවාහ වීමට යන දේවල්ය. මාගේ මුණුපුරා මෙන් හැදී වැඩීමට ඇති ආශාවෙන් අපගේ ජීවිතය අපි ගෙවා දමන්නෙමු.

අලුත් ගිවිසුම් කාලයෙහි දරුවන් ප්‍රේමය ලැබූ නමුත්, ඔවුන් වයසින් මුහුකුරා ගොස්, නිවසට සැපයීමට හැකිවී සිනගෝගයට වැඩිහිටියෙකු ලෙස ඇතුල්වීමට හැකිවන තුරු විශාල ඇගයීමකට ඔවුහු භාජනය නොවූහ. යේසුස්වහන්සේ දුගීන්, රෝගීන් සහ දරුවන් පිළිගෙන එකල තිබූ සම්මතයන් බිඳදැමූසේක. ශුභාරංචි පොත් තුනක (මතෙව්, මාර්ක් සහ ලූක්) යේසුස්වහන්සේගේ අත් තැබීම සහ යාච්ඤාව වෙනුවෙන් දෙමව්පියන්, තම දරුවන් ගෙන ආ බව කියයි ( මතෙව් 19:13; මාර්ක් 10:16).

අසීරුතාවයක් යැයි සිතූ නිසා ගෝලයෝ වැඩිහිටියන්ට දොස් කීවෝය. මේ කාරණය ගැන යේසුස්වහන්සේ අමනාප වී (මාර්ක් 10:14), තම දෑත් දරුවන් වෙත දිගුකළ සේක. තම රාජ්‍යයෙහි දරුවන්ට ඇති අගය උසස්කොට, වැඩිහිටියන්ටද දරුවන් මෙන් වෙන්ට කියා උන්වහන්සේ අභියෝග කළසේක. උන්වහන්සේව දැනගැනීම පිණිස, තම දුර්වලභාවය සහ උන්වහන්සේ අවශ්‍ය බව ඔවුන් අවබෝධ තරගත යුතුය (ලූක් 18:17). අප තුළ ඇති දරුවෙකු-මෙන් අවශ්‍යතාවය උන්වහන්සේගේ ප්‍රේමය ලැබීමට අවශ්‍ය සාධකයයි.