කැරට් 24 රත්තරං යනු සුළු අපවිත්‍රතා පමණක් ඇති පවිත්‍ර රන් ය. නමුත් එම ප්‍රතිශතය ලබාගැනීම අසීරුය. පිරිපහදු කරන්නන් විසින් බොහෝ විට පිරිසිදුකිරීමේ ක්‍රියාවලියට ක්‍රම දෙකකින් එකක් භාවිතා කරනු ලැබීය. මිලර් ක්‍රියාවලිය වඩාත් ඉක්මන් සහ වියදම අඩු ක්‍රමය වන නමුත් ප්‍රතිඵලය 99.95 පවිත්‍රතා ප්‍රතිශතයකි. වොල්විල් ක්‍රියාවලියට වැඩි කාලයක් සහ මුදලක් වැය වන නමුත් එය 99.99 ප්‍රතිශතයක පවිත්‍රතාවයක් ගෙනදෙයි.

බයිබල් කාලයෙහි, පිරිපහදු කරන්නන් රන් පවිත්‍ර කරන්නට ගින්දර භාවිතා කළෝය. ගින්න, අපවිත්‍ර දේ මතුපිටට ගෙන එයි. එවිට ඒවා ඉවත් කිරීම පහසුය. දැනට උතුරු තුර්කිය නමින් හැඳින්වෙන, සුළු ආසියාවේ ඇදහිලිවතුන් හට ලියමින්, අපොස්තුලු පේතෘස්, ඇදිහිලිවතුන්ගේ ජීවිතයේ පීඩාවන් ක්‍රියාකරන ආකාරය පෙන්වාදීමට රන් පවිත්‍ර කිරීම රූපකයක් ලෙස භාවිතා කරයි. ඒ කාලයේදී ක්‍රිස්තුස්වහන්සේ තුළ ඇදහිල්ල නිසා බොහෝ ඇදිහිලිවතුන් රෝම අධිරාජ්‍යයේ පීඩාවලට ලක්විය. පේතෘස් එය අත්දැකීමෙන් දැන සිටියේය. නමුත් පේතෘස් පවසන්නේ පීඩාව අපගේ ඇදහිල්ලේ අව්‍යාජබව මතුකරන බවය (1 පේතෘස් 1:7).

සමහර විට පිරිපහදුකිරීමේ ගින්නක ඔබ ඉන්නවා යැයි ඔබට සිතෙනවා ඇත. ඒ පසුබෑම්, රෝග හෝ වෙනත් අභියෝගයන් විය හැකිය. නමුත් අපගේ ඇදහිල්ල නැමැති රන් පවිත්‍රවන්නේ අමාරුකම් තුළිනි. අපගේ වේදනාව නිසා එය ඉක්මණින් අවසන් කරන්න කියා අප දෙවියන්වහන්සේට ආයාචනා කරනවා විය හැකි නමුත් ජීවිතය වේදනාකාරි වූවත් අපට වඩාත් යහපත් කුමක්දැයි උන්වහන්සේ දන්නා සේක. ගැළවුම්කාරයාණන්ට සම්බන්ධ වී සිටින්න. උන්වහන්සේගේ සහනය සහ සමාදානය සොයන්න.