ටෙක්සකානා නගරය, ටෙක්සාස් සහ අර්කන්සා ප්‍රාන්ත දෙක අතර පිහිටා තිබේ. පුරවැසියන් 70,000ට නාගරාධිපතිවරු දෙදෙනෙක්, නගර සභා දෙකක්, පොලිසි දෙකක් සහ ගිනි නිවන හමුදා දෙකක් තිබේ. උසස් පාසැල් අතර ක්‍රීඩා උත්සවයට අසාමාන්‍ය ලෙස විශාල සෙනඟක් සහභාගි වන්නේ තමන්ගේ රාජ්‍ය පාසැල් වලට එකිනෙකා තුළ ඇති පක්‍ෂපාතිත්‍වය ප්‍රදර්ශනය කරන්නටය. වඩාත් සැළකිය යුතු අභියෝගද මතුවේ, එනම්, රාජ්‍ය නීති ඛාණ්ඩ දෙකකින් පාලනය වන, බෙදාගතයුතු එක් ජල ව්‍යාපෘතිය පිළිබඳ මතභේදයි. එහෙත් එම නගර දෙක බෙදන සළකුණක් තිබුණද ප්‍රාන්ත දෙකෙහි එක්සත්කම කවුරුත් දන්නා කරුණකි. ඔවුන්ගේ එක්සත්කම සැමරීමට, දේශ සීමා මාවතේ වාර්ෂිකව පවත්වන රාත්‍රි භෝජනයකට පදිංචිකරුවන් සහභාගි වෙති.

කොරින්තියේ ඇදහිලිවතුන් තම මාර්ගය දෙකට බෙදා ලකුණු නොකළත් ඔවුහු බෙදී සිටියෝය. ඔවුන්ට යේසුස්වහන්සේ ගැන ඉගැන්වූ අය අනුව ඔවුහු බෙදී සිටියෝය : පාවුල්, ඇපොලොස් හෝ කේපස් (පේතෘස්). නමුත් ‘එක් සිතින් හා එක කල්පනාවෙන්’ (1 කොරින්ති 1:10) සිටින්න යැයි පාවුල් ඔවුන්ට මතක් කළේය. කුරුසිපත් වුයේ ක්‍රිස්තුස්වහන්සේ මිස ඔවුන්ගේ ආත්මික නායකයන් නොවේ.

අද අපද එලෙස හැසිරෙන්නෙමු, නැතිද? සමහර විට අපට වැදගත්ම කාරණය, එනම්, අපගේ වැරදි නිසා යේසුස්වහන්සේ කළ පූජාව විශ්වාස කරන සමහර අයටද අපි විරුද්ධ වෙමින්, ඔවුන් අපගේ මිතුරන් නොව සතුරන් කර ගන්නෙමු. ක්‍රිස්තුස්වහන්සේ නොබෙදී සිටින ලෙසද උන්වහන්සේගේ භෞමික නියෝජිතයන්, උන්වහන්සේගේ ශරීරය වන අපි, අත්‍යවශ්‍ය නොවන කාරණාවලදී නොබෙදී සිටිය යුතුවෙමු. ඒ වෙනුවට උන්වහන්සේ තුළ අපගේ එක්සත්කම අපි සමරමු.