1962 මෙක්සිකෝවට ගිය සංචාරයකදී බිල් ඈෂ් අනාථ නිවාසයක සුළඟින් ක්‍රියාකරන වතුර පොම්පයක් අළුත්වැඩියා කිරීමට උදව් කළේය. වසර 15කට පසු, දෙවියන්වහන්සේට සේවය කිරීම පිණිස ඔහු තුළ තිබූ ගැඹුරු ආශාව නිසා, ලොවපුරා අවශ්‍යතා ඇති ගම්වලට පිරිසිදු පානීය ජලය සැපයීම පිණිස ඔහු ලාභ නොලබන ආයතනයක් ඇති කළේය. ඔහු කීවේ, “දුප්පත් ගැමි ජනතාවට ආරක්‍ෂිත ජලය ලබාදීමට ආශාවක් ඇති වෙනත් අය සොයන්නට ‘කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න’ යි දෙවියන්වහන්සේ මා අවදි කළා.” පසුව, රටවල් 100කින් පමණ දහස් ගණන් සභාපාලකවරුන් තුළින් ආරක්‍ෂිත පානීය ජලය ඉල්ලා ඔහුට ආයාචනා ලැබූ පසු බිල් එම සේවය සඳහා අන් අයටද ආරාධනා කළේය.

විවිධ මාර්ග වලින් උන්වහන්සේ සහ අන් අය සමඟ සේවය කිරීමට කණ්ඩායම් ලෙස එකතු වන්න යැයි දෙවියන්වහන්සේ අපට ආරාධනා කරන සේක. කොරින්තියේ සෙනඟ ඔවුන් කැමති දේශකයන් ගැන වාද කරන විට අපොස්තුලු පාවුල්, තමා යේසුස්වහන්සේගේ සේවකයකු බවත් අපොලොස්ගේ කණ්ඩායමේ හවුල්කරුවෙකු බවත් ස්ථිර කළේය. එසේම තමා ආත්මික වර්ධනය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් යැපෙන්නේ දෙවියන්වහන්සේ මත බවත් පැවසීය (1 කොරින්ති 3:1-7). සෑම වැඩකම දෙවියන්වහන්සේ දුන් අගයක් ඇති බව ඔහු අපට මතක් කරදෙයි (8 පදය) . උන්වහන්සේට සේවය කරන අතර, අන් අය සමඟ සේවය කිරීමට ඇති වරප්‍රසාදය පිළිගනිමින්, දෙවියන්වහන්සේ අපව වෙනස් කරන අතරතුර, උන්වහන්සේ අනෙක් අයව වර්ධනය කරන බව පාවුල් අපව දිරිමත් කරන්නේ ය (9පදය).

අපගේ බලවන්ත පියාණන්වහන්සේට උන්වහන්සේගේ මහත් ක්‍රියා ඉටුකරගැනීමට අපගේ උපකාර අවශ්‍ය නොවුනත්, උන්වහන්සේ සමඟ හවුල්කරුවන් වන පිණිස අපට ආරාධනා කර අපව සූදානම් කරන සේක.