ටිෆනි අඳුරුවූ එයාර් කැනඩා ජෙට් යානයක ඇහැරී වටපිට බැලුවාය. ඇයගේ ආසන පටිය එලෙසම තදවී තිබිණ. අනෙක් මගීන් බැස ගිය අතර ඇය නින්දේ සිට තිබේ. කවුරුවත් ඇයට කථානොකළේ ඇයි? ඇය මෙතැනට පැමිණියේ කෙසේද? අයගේ මනසේ අවුල ලිහාගෙන ඇය සිහිය අවදි කිරීමට තැත් කළාය.

ඔබ බලාපොරොත්තු නොවූ ස්ථානයක සිට තිබෙනවාද? මෙම රෝගය වැළදෙන්නට ඔබ තරුණ වැඩියි, මෙයට බෙහෙතක් නැත. ගියවර ඔබගේ තත්ත්‍වය විශිෂ්ඨයි, ඔබව අස්කළේ ඇයි. ඔබගේ විවාහයේ හොඳම කාලය ගතකරමින් සිටියා! දැන් ඔබ තනි මාපියෙකු ලෙස, අර්ධ කාලීන රැකියාවක් සමඟ ජීවිතය නැවතත් ආරම්භ කරනවා.

මා මෙතැනට පත්වුනේ කෙසේද? යෝබ්, “අළු වල හිඳගෙන” (යෝබ් 2:8) මෙසේ සිතන්නට ඇති. ඔහුගේ දරුවන්, වස්තුව, සෞඛ්‍යය පැය කීපයකින් නැතිවී ගොස් තිබිණ. එතැනට ආවේ කෙසේදැයි ඔහුට සිතාගන්නට බැරිවිය. ඔහු මතක් කර ගත යුතු බව ඔහුට සිහිවිණ.

යෝබ් තම මැවුම්කාරයා කෙතරම් යහපත්ව සිටියේද කියා මතක් කරගත්තේය. ඔහු තම භාර්යාවට කීවේ, “ අපි දෙවියන්වහන්සේගේ අතින් යහපත පිළිගනිමු නම් අයහපතත් පිළිගන්ට ඕනෑ නොවේ දැයි ” යනුවෙනි (යෝබ් 2:10). මේ යහපත් දෙවියන්වහන්සේ විශ්වාසවන්තව සිටින බව ඔහුට මතක් විය. එහෙයින් ඔහු විලාප නැගීය, අහසට මොරගැසීය, බලාපොරොත්තුවෙන් වැලපුණේය. “මාගේ මිදුම්කාරයාණන් ජීවත්ව සිටින බවද අන්තිමේදී උන්වහන්සේ පොළොව පිට සිටින බවද” සහ “මාගේ මාංසයෙහි මම දෙවියන්වහන්සේ දකින්නෙමි” (යෝබ් 19:25-26). යෝබ් බලාපොරොත්තුව අල්ලාගෙන කථාන්දරය ආරම්භවූ අයුරුත් අවසන් වන අයුරුත් මතක් කරගත්තේය.