ඩොනෙලාන් නම් ගුරුවරිය අතට හසුවුන ඕනෑම දෙයක් කියෙව්වාය. ඇයගේ කියවීම නිසා විශාල ත්‍යාගයක් අහඹු ලෙස ලැබිණ. ඇය ගමනක් යාමට සැලසුම් කරගෙන ඇගේ දීර්ඝ ගමන් රක්‍ෂණ ඔප්පුව කියවමින් සිටි අතර, 7වන පිටුවේ අනර්ඝ තෑග්ගක් එහි සටහන් වී තිබුණේය. ඔවුන්ගේ “කියවන අයට තෑග්ගක්” යන තරඟය යටතේ, එම ඔප්පුවේ එතරම් දුරට කියවන පළමුවන තැනැත්තාට ඩොලර් 10,000ක් ත්‍යාග කරන බව සඳහන් කර තිබුණි. එමෙන්ම ඩොනෙලාන්ගේ පළාතේ දරුවන්ගේ කියවීම දියුණු කිරීමට ද එහි පාසැල් වලට ඩොලර් දහස් ගණනක් ආධාර ලෙස ලැබිණ. “මම සෑමවිටම ගිවිසුම් කියවන නීරස පුද්ගලයෙක්ව සිටියෙමි. වඩාත් පුදුමයට පත්වූයේ මමයි!”

දෙවියන්වහන්සේ ගැන “ආශ්චර්යමත් දේ දක්නා පිණිස” (ගීතාවලිය 119:18) ඔහුගේ දෑස් විවෘත වීම ගීතිකාකරුට අවශ්‍ය විය. දෙවියන්වහන්සේ, තමන්වහන්සේව දැනගැනීම බලාපොරොත්තු වන බව දාවිත් තේරුම් ගෙන සිටියේය. එහෙයින් උන්වහන්සේට දැඩිව සමීප වීමට ඔහු ආශා කළේය. ඔහුගේ ආශාව දෙවියන්වහන්සේ කවුද, උන්වහන්සේ දැනටම දී ඇත්තේ කුමක්ද සහ උන්වහන්සේට වඩාත් සමීපව ගමන් කරන්නේ කෙසේද කියා දැනගැනීමය (24, 98 පද). ඔහු ලීවේ, “ඔබගේ ව්‍යවස්ථාවට මම කොපමණ ප්‍රේම කරම්ද! දවස මුළුල්ලේම ඒක මගේ භාවනාවය” (97පදය) කියාය.

දෙවියන්වහන්සේ ගැන, උන්වහන්සේගේ චරිතය සහ උන්වහන්සේගේ සැපයීම මෙනෙහි කිරීමට කාලය වැය කිරීමේ වරප්‍රසාදය අපටද ඇත්තේය. ඒ තුළින් උන්වහන්සේ පිළිබඳ ඉගෙනගෙන උන්වහන්සේට ළංවන්නට අපට පුළුවන. අපට මඟපෙන්වා, උපදෙස් දී, උන්වහන්සේ කවුද කියා දැන ගැනීමට අපගේ සිත් විවෘත කිරීමට උන්වහන්සේ ආශා කරනසේක. අප උන්වහන්සේව සොයන විට, උන්වහන්සේ කවුද කියා දැන ගැනීමේ විශාල විශ්මයෙන් සහ උන්වහන්සේගේ අභිමුඛය නැමති ප්‍රීතියෙන් අප පුරවන සේක!