රියදුරු පුහුණු පන්තියේ ඉගැන්වූ දේවල් ගැන මට වැඩි මතකයක් නැත. එහෙත් කුමන හෝ හේතුවකට අප ඉගෙනගත් සංක්‍ෂිප්ත අකුරු අනුපිළිවෙල පාඩම මට හොඳින් මතකය. එනම් ඉංග්‍රීසි බසින් S-I-P-D-E යන අකුරු වලින් සෑදුන අනුපිළිවෙලයි. එනම් Scan (සියුම් පරික්‍ෂාව), Identify (හඳුනා ගැනීම), Predict (ඉදිරිය බැලීම), Decide (තීරණය කිරීම), Execute (ක්‍රියාත්මක කිරීම) යන්නයි. එම ක්‍රියාවලිය අප අඛණ්ඩව ක්‍රියාත්මක කළ යුතු විය. අප මාර්ගය පරික්‍ෂා කළ යුතුය, අනතුරු හඳුනාගත යුතුය, එම භයන්කාර අවස්ථාවන් වලින එන හානිය බැලිය යුතුය, මුහුණ දෙන ආකාරය තීරණය කළ යුතුය, පසුව, අවශ්‍ය නම් එම සැලැස්ම ක්‍රියාත්මක කළ යුතුය. එය අනතුරු වළක්වා ගැනීමට අවශ්‍ය උපක්‍රමයකි.

අපගේ ආත්මික ජීවිත වලට එහි අදහස ක්‍රියාත්මක කරවන්නේ කෙසේදැයි මම කල්පනා කළෙමි. එපීස 5, පාවුල් එපීසයේ ඇදහිලිවතුන්ට පැවසුවේ, “ ඒ නිසා නුඹලා ඥානය නැත්තන් මෙන් නොව ඥානවන්තයන් මෙන් ප්‍රවේශමෙන් හැසිරෙන්ට බලාගෙන,” (15 පදය) කියාය. එපීසවරුන්ට සමහර බාධක හේතුවෙන් නොමඟ යන්නට හැකි බව පාවුල් දැන සිටියේය. යේසුස්වහන්සේ තුළ ඔවුන්ගේ අලුත් ජීවිතයේ පැරණි මාර්ග වලටත් ඉඩ තිබිණ (8,10-11 පද). එහෙයින් අවධානය යොමු කරන්න යැයි වර්ධනය වන සභාවට ඔහු උපදෙස් දුන්නේය.

“ප්‍රවේශමෙන් හැසිරෙන්ට බලාගෙන” යන වචනාර්ථයෙන් ගත් විට “ඔබගේ ගමන ගැන ප්‍රවේශම්වන්න” යන්නය. වෙනත් වචන වලින් කියතොත්, වටපිට බලන්න. අනතුරු විය හැකි අවස්ථා ගැන සැළකිලිමත් වෙන්න, බේබදුකම සහ අවිචාරවත් ජීවිත ගත කිරීම වැනි පුද්ගලික අන්තරායන් මඟහරින්න (18පදය). ඒ වෙනුවට, එතුමා කීවේ, අපගේ ජීවිතවලට දෙවියන්වහන්සේගේ කැමැත්ත දැනගැනීමට උත්සාහ කරමින් (17පදය), සෙසු ඇදහිලිවන්තයින් සමඟ උන්වහන්සේට ස්තුතිකරන පිණිස ගායනා කරමු (19-20පද).

අප කුමන උපද්‍රව වලට මුහුණ දුන්නත්, පැකිලෙන විටත්, අපට උන්වහන්සේගේ අසීමිත බලය සහ අනුග්‍රහය මත යැපීම වර්ධනය කරගත් විට, ක්‍රිස්තුස්වහන්සේ තුළ අපගේ අලුත් ජීවිතය අත්දැකිය හැකිවනු ඇත.