මිනිසුන් “රැල්ල” ක්‍රියාත්මක කිරීමට කැමති ය. ලොව පුරා ක්‍රීඩා උත්සව සහ සංදර්ශනවලදී, එය ආරම්භ වන්නේ කීප දෙනෙකු නැඟිට ඔවුන්ගේ අත් එසවූ විටය. මොහොතකින් ඔවුන් අසල සිටින අය එලෙසම කරති. එහි ඉලක්කය වන්නේ මුළු ක්‍රීඩාංගනය පුරාම කොටසින් කොටසට ගලාගෙන යන චලනයක් ඇති කිරීම ය. එය අවසාන කොටසට පැමිණි විට, ආරම්භ කළ කණ්ඩායම සිනාසෙමින් අත්පුඩි ගසමින් එම චලනය තව දුරටත් කරගෙන යයි.

පළමු වරට වාර්ථාගත රැල්ල සිදුවී තිබෙන්නේ 1981 ඔක්ලන්ඩ් ඇත්ලටික්ස් සහ නිව්යෝක් යැන්කීස් අතර වෘත්තීය බේස්බෝල් තරඟයක් අතරතුරදීය. එය විනෝදජනක නිසා මම රැල්ලට එකතු වන්නට කැමතියි. නමුත්, එම රැල්ල ක්‍රියාත්මක කරන අතරතුර අපට දැනෙන ප්‍රීතිය සහ එකමුතුකම, ශුභාරංචිය සිහිපත් කරන බව මට තේරුම් ගියා. එනම් යේසුස්වහන්සේ තුළ ඇති ගැළවීම, ප්‍රශංසාව සහ බලාපොරොත්තුව තුළින්, ලොවපුරා ඇදහිලිවතුන් එක්සත් කරන්නේය. මෙම “ශ්‍රේෂ්ඨම රැල්ල” ආරම්භ වූයේ වසර 2000කට පෙර යෙරුසලමෙහි ය. කොලොස්සියේ සභා සාමාජිකයින් වෙත ලියමින් පාවුල් විස්තර කළේ ඒ ශුභාරංචිය නුඹලා පළමුවෙන් ඇසූ දින සිට සිදුවූ ලෙස “නුඹලා එය අසා දෙවියන්වහන්සේගේ කරුණාව සැබෑවෙන් දැනගත් දා පටන් ඒ නුඹලා අතරේ මෙන් මුළු ලෝකයෙහිත් ඵල දරමින් වර්ධනය වන්නේය” (කොලොස්සි 1:6) කියා ය. ශුභාරංචියේ ස්වභාවික ප්‍රතිඵලය නම් “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ කෙරෙහි නුඹලාගේ ඇදහීමත් සියලු ශුද්ධවන්තයන් කෙරෙහි පවත්නා නුඹලාගේ ප්‍රේමයත් ගැන අප ඇසූ බැවින්, ස්වර්ගයෙහි නුඹලාටත් තබා තිබෙන්නාවූ බලාපොරොත්තුව නිසා” (3 පදය).

යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් ලෙස අපි, ඉතිහාසයේ සිදුවූ විශාලතම රැල්ලේ කොටසකි. එය ඉදිරියටම ගෙනයන්න! අවසානයේදී, එය ආරම්භ කළ තැනැන්වහන්සේගේ සිනහව අපි දකින්නෙමු.