රේඩියෝව ක්‍රියාත්මකව පැවතියේ නම් ටයිටැනික් නැව ගිලෙන බව ඔවුන් දැනගන්නවා ඇත. සිරිල් එවන්ස් නමින් වෙනත් නැවක ගුවන්විදුලි ක්‍රියාකරුවෙක්, ජැක් පිලිප්ස් නම් ටයිටැනික් නැවේ ගුවන්විදුලි ක්‍රියාකරු හට පණිවුඩයක් දීමට තැත් කර තිබේ. ඒ ඔවුන්ගේ නැවට අයිස් කන්දක් හමුවූ බව දැන්වීමටයි. පිලිප්ස් මගින්ගේ පණිවුඩ යවමින් කාර්යබහුලවී, එවන්ස්ට නිහඬ වෙන්න කියා අපහාසාත්මකව කීවේය. එහෙයින් එවන්ස් ගුවන්විදුලි යන්ත්‍රය ක්‍රියා විරහිත කර නින්දට ගියේය. විනාඩි 10කට පසු ටයිටැනික් නැව අයිස් කන්දක හැපිණ. ඔවුන් උපකාර ඉල්ලා යැවූ ආපදා සංඥා වලට පිළිතුරු ලැබුනේ නැත. මන්ද කිසිවෙක් අසාගෙන සිටියේ නැති හේතුවෙනි.

1 සාමුවෙල් පොතේ අපි එකල සිටි ඉශ්‍රායෙල් පූජකයෝ දුෂ්‍යව, ආත්මික දැක්මක් නැතිකරගෙන ජාතිය විනාශය කරා ගෙන යමින් සිටි බව දකිමු. “ස්වාමින්වහන්සේගේ වචනය දුර්ලභ විය. දර්ශන බොහෝමයක්ද නොවීය.” (1 සාමුවෙල් 3:1). එහෙත් දෙවියන්වහන්සේ තම සෙනඟ අත්හැරියේ නැත. උන්වහන්සේ පූජකයාගේ ගෙදර වාසය කළ යෞවනයෙකුට කථාකළසේක. සාමුවෙල් යන නමේ අර්ථය “ස්වාමින්වහන්සේ අසන සේක” යනුය. ඒ ඔහුගේ මවගේ යාච්ඤාව දෙවියන්වහන්සේ ඇසූ බව මතක් කරගැනීමටය. නමුත් දෙවියන්වහන්සේට සවන්දිය යුත්තේ කෙසේද කියා සාමුවෙල්ට ඉගෙනගන්නට අවශ්‍යව තිබුණි.

“කථාකළ මැනව; ඔබවහන්සේගේ මෙහෙකරුවා අසාගන ඉන්නවා” (10 පදය). ඇසෙන්නේ සේවකයාටය. දේව වචනයේ කියා ඇති දෙයට සවන්දී දෙවියන්වහන්සේ එහි හෙළිකරන දේට කීකරුවීමට අපි තෝරාගනිමු. අපගේ ජීවිත උන්වහන්සේට භාරදෙමින් යටහත් සේවකයින්ගේ ආකල්පය ගනිමු. තමන්ගේ “ගුවන්විදුලි යන්ත්‍රය” ක්‍රියාත්මක කරගෙන සිටින අය මෙන් වෙමු.