2013 දී බ්‍රිතාන්‍ය රාජකීය නාවික ජේෂ්ඨයෙකු වන ජේම්ස් මැක්කොනල් හැත්තෑ වන වියේදී මිය ගියේය. මැක්කොනල්ට පවුලක් නොවීය. ඔහුගේ සාත්තු නිවාසයේ අය සිතුවේ ඔහුගේ අවමඟුලට කිසිවෙක් සහභාගී නොවනු ඇත කියාය. මැක්කොනල්ගේ අවමංගල්‍යය උත්සවය භාරව සිටි පුද්ගලයා මුහුණු පොතට පණිවුඩයක් යොමු කළේය. “මේ කාලයේදී සහ මෙම වයසේදී අවමංගල්‍යය උත්සවයට කිසිවෙක් නැතිව කෙනෙකු සමුගැනීම ඛේදයකි. හමුදා භටයෙකුව සිටි සහෝදරයෙකුට අවසන් ගෞරව දැක්වීමට කනත්තට පැමිණීමට හැකිනම් කරුණාකර එන්න” යන්න එම පණිවුඩයයි. රාජකීය නාවිකයන් දෙසීයක් කනත්තේ දේවස්ථානයට රැස්වූහ.

මෙම බ්‍රිතාන්‍ය වීරෝධාර සෙබළුන් බයිබල් සත්‍යයක් ප්‍රදර්ශණය කළෝය. අපි එකිනෙකාට බැඳී සිටිමු. “මක්නිසාද ශරීරය එක අවයවයක් නොව බොහෝ අවයවයෝය” (1 කොරින්ති 12:24) බව පාවුල් කියන්නේය. අප තනිවී නැත. එහි විරුද්ධ පැත්තය. අප යේසුස්වහන්සේ තුළ බැඳී සිටිමු. දේව වචනයේ දැක්වෙන පරිදි එය ජීවින්ගේ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් අනාවරණය කරයි. “එක් අවයවයක් වේදනා විඳී නම් ඒ සමග සියලු අවයවයෝම වේදනා විඳිති” (26 පදය). යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන් සහ දෙවියන්වහන්සේගේ අලුත් පවුලේ සාමාජිකයන් ලෙස අප එකතුව වේදනාව, දුක සහ අප තනිව යන්නට බිය අඳුරු ස්ථානවලට යන්නෙමු. නමුත් අපි තනිව නැති හෙයින් ස්තුති වන්ත වෙමු.

වේදනාවේ භයානකම කොටස අප තනිවම ගිලෙන බව දැන ගැනීමය. කෙසේ වෙතත් දෙවියන්වහන්සේ එකට වේදනා විඳින නව ප්‍රජාවක් මවා ඇත්තේය. ඒ කිසි කෙනෙකු අඳුරේ තනි නොවන අලුත් ප්‍රජාවක්ය.