එහි තර්කයක් නැත. නමුත් මාගේ දෙමාපියන් මාස තුනක් ඇතුළත මිය ගිය විට ඔවුන්ට මාව අමතක වේ යැයි මම බිය වුනෙමි. අනිවාර්යයෙන් ඔවුන් ලෝකයේ තවත් නැත. නමුත් එය මට විශාල අවිනිශ්චිතභාවයක් ගෙනාවේය. මම තරුණ වියේ සිටියෙමි. විවාහ නොවූ වැඩිහිටියෙක් වූයෙමි. ඔවුන් නැතිව ජීවිතය ගෙන යන්නේ කෙසේදැයි කල්පනා කළෙමි. තනිකම ඇත්තටම මට දැණුනි. මම දෙවියන්වහන්සේ සෙවීමි.

එක් උදෑසනක මම මාගේ තර්කයක් නැති බිය සහ දුක ගැන (උන්වහන්සේ දැනටමත් එය දැන සිටියද) උන්වහන්සේට කීවෙමි. එදා මම කියවමින් සිටි පොතෙහි තිබූ බයිබල් ඡේදය යෙසායා 49 නි. “ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතක නැති කරන්ට ඈට පුළුවන්ද? …. ඔවුන්ට මතක නැති වෙන්ට පුළුවන. එහෙත් මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි” (15 පදය). දෙවියන්වහන්සේ තම සෙනගට සහතිකයක් දුන්නේ උන්වහන්සේ ඔවුන්ව අමතක කර නැති බවටය. පසුව තම පුත්‍රයා එවා ඔවුන්ව උන්වහන්සේ වෙතට නැවත ගැනීමට පොරොන්දු වූ සේක. ඒ වචන මාගේ සිතටද කථා කළේය. මවකට හෝ පියෙකුට හෝ තම දරුවා අමතක කිරීම අපහසුය. නමුත් එය විය හැකිය. නමුත් දෙවියන්වහන්සේ කිසිසේත් අමතක නොකරන සේක. “බලව, මම මාගේ අතුල්වල නුඹ කොටා ගතිමි” උන්වහන්සේ පැවසූ සේක.

දෙවියන්වහන්සේගේ පොරොන්දුව මාගේ බිය වැඩි කිරීමට හේතු වන්නට තිබුණි. නමුත් උන්වහන්සේ මාව මතක තබා ගැනීම තුළින් මට ලැබුණු සමාදානය මට අත්‍යවශ්‍ය වූ දෙයයි. දෙමාපියන්ට හෝ වෙන ඕනෑම කෙනෙකුට වඩා දෙවියන්වහන්සේ මා අසල බව තේරුම් ගැනීමේ ආරම්භය එය විය. උන්වහන්සේ සෑම දෙයකදීම උපකාර කරන මාර්ගය එනම් අපගේ තර්කයක් නැති බිය ගැන පවා උපකාර කිරීමට දන්නා සේක.