ආපන ශාලාවේදී බ්‍රිට්නි තම මිතුරියට “අන්න අර මනුෂ්‍යයා, අන්න අර මනුෂ්‍යයා” කියා පෙන්වීය. ඇය පෙන්වූයේ මෙල්වින්වය. ඔහුට ඇය මුණ ගැසුණේ වෙනත් අවස්ථාවකදීය. ඔහු පල්ලිය වත්ත පවිත්‍ර කරමින් සිටින විට ගණිකාවක් මෙන් පෙණුනු කාන්තාවක් සමග කථාවක් පටන් ගන්නා ලෙසට ආත්මයාණන් වහන්සේ ඔහුට කොඳුරා ඇත. ඇයට දේවස්ථානයට එන ලෙසට ඔහු විසින් කරන ලද ඇරයුමට ඇයගේ පිළිතුර වූයේ “මම කරන දෙය ඔබ දන්නවාද? ඔවුන් මාව පිළිගන්න එකක් නැහැ” කියාය. මෙල්වින් යේසුස් වහන්සේගේ ප්‍රේමය ගැන කථා කර ඇයගේ ජීවිතය වෙනස් කිරීමට උන්වහන්සේට ඇති බලය ගැන කියද්දී ඇයගේ කම්මුල් දිගේ කඳුළු රූරා වැටුණි. දැන් සති කිහිපයකට පසු බ්‍රිට්නි අලුත් පරිසරයක වැඩට පැමිණියාය. ජීවිත වෙනස් කිරීමේ යේසුස්වහන්සේගේ බලය ගැන ඇය ජීවමාන සාක්‍ෂියක් වූවාය.

යාච්ඤාවට කැපවීමට ඇදහිලිවතුන්ව දිරිමත් කරන සංදර්භයක අපෝස්තලු පාවුල් පැති දෙකක් ඇති ඉල්ලීමක් කළේය. “තවද මා විසින් කථා කළ යුතුව තිබෙන අන්දමට ක්‍රිස්තුස්වහන්සේගේ රහස එළිදරව්කරන පිණිස, එය කියාදීමට දෙවියන්වහන්සේ අපට වචනයේ දොරක් අරින ලෙස අප උදෙසාත් යාච්ඤාකරන්න. ඒ රහස නිසා මම බැඳුම් ලැබ සිටිමි. කිව යුතු ආකාරයට පැහැදිළිව කීම සඳහා යාච්ඤා කරන්න” (කොලොස්සි 4:3-4).

ක්‍රිස්තුස්වහන්සේ වෙනුවෙන් පැහැදිළිව නිර්භිත කථා කිරීමට අවස්ථා ඉල්ලා ඔබ යාච්ඤා කර තිබෙනවාද? කෙතරම් මනහර යාච්ඤාවක්ද? එවැනි යාච්ඤාවන්ට මෙල්වින් වැනි ඇදහිලිවතුන්ට බලාපොරොත්තු නොවන ස්ථානවල අප නොසිතන පුද්ගලයින්ට ශුභාරංචිය කීමට දොරවල් විවෘත වේ. යේසුස්වහන්සේ වෙනුවෙන් කථා කිරීම අපහසු විය හැකිය. එහෙත් අපගේ අපහසුතාවයන්ට ප්‍රතිඋපකාරයක් ලෙසින් වෙනස් වූ ජීවිත නැමැති ත්‍යාගයන් ලැබෙනු ඇත.