මෑතකදී ගෙවල් මාරු කිරීමෙන් පසු මේබල්ගේ සත් හැවිරිදි පුත්‍රයා වන රයන් තම අලුත් පාසැලේ ග්‍රීෂ්ම සෘතු කඳවුරකට යාමට සුදානම් වෙමින් කෙඳිරුවේය. මේබල් ඔහුව දිරිමත් කළාය. වෙනස්වීම අසීරු බව ඇය දන්නේ යයි ඇය රයන්ට පැවසුවාය. නමුත් එක් උදෑසනක රයන්ගේ චරිතයට පටහැනිව කෙඳිරීම තීව්ර විය. සානුකම්පාවෙන් මේබල් ඇසුවේ “ඔබට කරදර කරන්නේ මොකද්ද පුතා” කියාය.

ජනේලයෙන් පිටත බලා ගෙන රයන් කීවේ “මම දන්නෑ අම්මේ. මගේ හිතේ ගොඩක් හැඟීම් තියෙනවා” යනුවෙනි. ඔහුව සනසද්දී මේබල්ගේ සිත රිදුණි. ඔහුව සැනසීමට මගක් නොමැතිව තමාටද මේ මාරුවීම අසීරු බව ඇය කීවාය. දෙවියන්වහන්සේ අපට සමීපව සිටින බවත් උන්වහන්සේ සෑම දෙයක්ම එනම් අපට කීමට නොහැකි කලකිරීම් පවා උන්වහන්සේ දන්නා බවත් ඇය රයන්ට කීවාය. “පාසැල පටන් ගන්න පෙර අපි ඔයාගේ යහළුවෝ මුණ ගැසෙමු” ඇය කීවාය. උන්වහන්සේගේ දරුවන්ට ඇති බොහෝ හැඟීම් ගැන පවා උන්වහන්සේ දන්නා නිසා උන්වහන්සේට කෘතඥ වෙමින් ඔව්හු සැළසුම් සෑදුවෝය.

ගීතාවලිය 147 කර්තෘ දරා ගැනීමට නොහැකි හැඟීම් තම ඇදහිල්ලේ ජීවිතය පුරා අත් දුටුවේය. එසේම සියල්ල දන්නා මැවුම්කරුවාණන්, සියල්ලම නඩත්තු කරන්නාණන්, භෞතික හා භාවමය තුවාල සුව කරන්නාණන් ප්‍රශංසා කිරීමේ අගය ඔහු තේරුම් ගත්තේය (1-6 පද). දෙවියන්වහන්සේ සපයන මාර්ග නිසා ඔහු උන්වහන්සේට ප්‍රශංසා කරයි. එසේම “ස්වාමින්වහන්වහන්සේ තමන් කෙරෙහි භය ඇත්තන්ටත් තමන්ගේ කරුණාව ගැන බලා සිටින්නන්ටත් ප්‍රසන්න වන සේක” (11 පදය) කියා පවසයි.

අපගේ හැඟීම් තේරුම් ගැනීමට අපි උත්සාහ කරන විට අප තනිවී ඇතැයි කියා බලාපොරොත්තු කඩ කර ගැනීමට අපට අවශ්‍ය නැත. අපගේ වෙනස් නොවන ප්‍රේමණිය දෙවියන්වහන්සේගේ අසීමිත තේරුම් ගැනීම මත අපට විවේක ගත හැකිය.