මෑතකදී මම උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගී වීමි. ඩිප්ලෝමා ලබා ගැනීමට උනන්දුවෙන් සිටි අයට කථිකයා නිසි අභියෝගය දුන්නේය. “ඊළඟට මොකද වෙන්නේ?”, “ඔවුන් ඊළඟට කරන්න යන්නේ කුමක්ද?”, ඔවුන් පාසැලට යන්නේ කොහාටද? නැත්නම් ඊළඟට රැකියාව කරන්නේ කොහේද?” යනාදි වශයෙන් ඔබගෙන් සියලු දෙනා අසන වේලාව යැයි ඔහු කීිවේය. ඉන්පසු ඔහු කීවේ ඔබ දැන් කරන්නේ කුමක්ද කියන දෙය වඩාත් වැදගත් බවයි.

ඔවුන්ගේ ඇදහිල්ලේ ගමනේ සන්දර්භයේදී ඔවුන් වෙනුවෙන් නොව යේසුස්වහන්සේ වෙනුවෙන් ජීවත් වීම පිණිස ඔවුන් ගන්නා දෛනික තීරණ මොනවාද?

ඔහුගේ වචන මට හිතෝපදේශ පොත මතක් කළේය. ජීවත් වන්නේ කෙසේද කියා එම පොත තියුණු ප්‍රකාශයක් කරන්නේය. උදාරණයක් ලෙස: දැන් අවංකකම පුහුණු වීම (11:1), දැන් හරි මිතුරන් තෝරා ගැනීම (12:26), දැන් විනිවිදභාවයෙන් ජීවත් වීම (13:6), දැන් හරි විනිශ්චයක් කිරීම (13:15), දැන් ණැනවත්ව කථා කිරීම (14:3) යනාදියයි.

ශුද්ධාත්ම මඟ පෙන්වීම අනුව දැන් දෙවියන්වහන්සේ වෙනුවෙන් ජීවත් වීම, ඊළඟට කුමක් කරන්නේද යන තීරණය ගැනීම පහසු කරයි. “ස්වාමින්වහන්සේ ප්‍රඥාව දෙන සේක….. උන්වහන්සේ අවංක තැනැත්තන්ට (සාර්ථකත්වය) රැස්කර තබන සේක… උන්වහන්සේ යුක්තියේ මාවත් ආරක්‍ෂා කරමින් තමන් භක්තිවන්තයන්ගේ මාර්ගය සුරක්‍ෂිත කරන සේක” (2:6-8). උන්වහන්සේගේ මාර්ග නිර්දේශ අනුව ජීවත්වීම පිණිස අවශ්‍ය දේවල් දෙවියන්වහන්සේ සපයන සේක්වා. උන්වහන්සේගේ මහිමය උදෙසා ඊළඟ දෙයට අපට මග පෙන්වන සේක්වා!