“තාම මා වෙනුවෙන් සෙනග යාච්ඤා කරනවාද?” සිර ගෙදර සිටි මිෂනාරිවරයෙක් ඉඩ ලැබුණු සෑම විටම තමාව බැලීමට පැමිණි තම භාර්යයාවගෙන් ඇසූ පළමු ප්‍රශ්නය එයයි. ඔහුව බොරු චෝදනාවකට වසර දෙකකට සිරගත කර තිබුණි. සිරගෙදර වටා පිටාව සහ විරුද්ධවාදීකම් නිසා ඔහුගේ ජීවිතය අනතුරු දායක විය. ලොව වටා ඇදහිලිවතුන් ඔහු ගැන යාච්ඤා කළහ. ඔවුන් නොනවත්වා එසේ කිරීම ඔහුට අවශ්‍ය වූයේ බලවත් අන්දමට දෙවියන්වහන්සේ ඔවුන්ගේ යාච්ඤා භාවිතා කරන බව ඔහු විශ්වාස කළ නිසාය.

අප අන් අය, විශේෂයෙන් ඇදහිල්ල නිසා පීඩාවට පත්ව ඇති අය වෙනුවෙන් කරන යාච්ඤා විශේෂිත ත්‍යාාගයකි. පාවුල් කොරින්තියේ ඇදහිලිවතුන්ට තමාගේ මිෂනාරි ගමනේදී විඳි අසීරුතා ගැන ලියන විට මෙය පැහැදිළි කළේය. “අපට බලාපොරොත්තුවක් නැති තරමට උසුලන්ට බැරි පමණ අප පිටට බර පැමිණුනි” (2 කොරින්ති 1:8). ඊට පසු ඔහු ඔවුන්ට පැවසුවේ දෙවියන්වහන්සේ ඔහුව නිදහස් කළ බවයි. ඊට උන්වහන්සේ භාවිතා කළ උපකරණය ගැනද ඔහු විස්තර කළේය. “උන්වහන්සේ තවදුරටත් අප ගළවන සේකැයි යන බලාපොරොත්තුව අප විසින් උන්වහන්සේ කෙරෙහි තබා තිබේ. නුඹලාත් එක්ව නුඹලාගේ කන්නලව්ව කරණකොට ගෙන අප වෙනුවට උපකාර කරන්න” (10-11 පද).

උන්වහන්සේගේ සෙනගගේ ජීවිත තුළ විශාල යහපතක් කරන පිණිස දෙවියන්වහන්සේ අපගේ යාච්ඤා තුළින් ක්‍රියා කරන සේක. අන් අයට ප්‍රේම කිරීමට එක් ක්‍රමයක් නම් ඔවුන් වෙනුවෙන් යාච්ඤා කිරීමය. අපගේ යාච්ඤා තුළින් දෙවියන්වහන්සේට පමණක් දිය හැකි උපකාරයට අපි දොරවල් විවෘත කරන්නෙමු. අප අන් අය ගැන යාච්ඤා කරන විට අප උන්වහන්සේගේ ශක්තියෙන් ඔවුන්ට ප්‍රේම කරමු. උන්වහන්සේට වඩා ශ්‍රේෂ්ඨ ප්‍රේමණීය තැනන්වහන්සේ කෙනෙක් නැත