සංගීත අධ්‍යක්ෂිකා ආරියන් ආබෙලා තමාගේ අත් සඟවා ගැනීම සඳහා කුඩා කාලයේ ගත කළේ තම අත් දෙක උඩ වාඩි වීය. ඇය ඉපදුනේ සමහර ඇඟිලි නැතුවය. සමහර ඇඟිලි එකට ගෙතී තිබුණි. ඇයට වම් පාදයක් නොවීය. එසේම දකුණු පාදයේ ඇඟිලි සමහරක් නොතිබුණි. ඇය සංගීතයට ආශා කළ ගායිකාවක් වූවාය. ඇය ස්මිත් විද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිය ලබා ගැනීමට සැළසුම් කළාය. එක් දිනක් ඇගේ සංගීත ගුරුවරිය සංගීත කණ්ඩායම මෙහෙයවීමට ඇයට ආරාධනා කළාය. එයින් ඇයගේ දෑත් පෙනුණේය. එදින ඇයගේ අනාගතය ඇයට හමුවුනි. ඇය සභා සංගීත කණ්ඩායම් වල සේවය කළාය. දැන් ඇය විශ්ව විද්‍යාලයක සංගීත කණ්ඩායම් අධ්‍යක්‍ෂිකා ලෙස ක්‍රියා කරන්නීය. “මාගේ ගුරුවරු මා තුළ යමක් දුටුවා” කියා ආබෙලා කියන්නීය.

ඇයගේ ප්‍රාණවත් කථාව ඇදහිලිවතුන්ට ඇසිමට යොමුකරන ප්‍රශ්නය නම් අපගේ ගුරුවරයා වන දෙවියන්වහන්සේ අපගේ සීමාවන් මධ්‍යයෙහි පවා අප තුළ දකින්නේ කුමක්ද? ඒ කිසි දෙයකට වඩා උන්වහන්සේ අප තුළ තමන්වහන්සේව දකින සේක. “දෙවියන්වහන්සේ තමන් ස්වරූපයෙන් මනුෂ්‍යයා මැවූ සේක. දෙවියන්වහන්සේගේ ස්වරූපයෙන් ඔහු මැවූ සේක. පුරුෂයාද ස්ත්‍රීයද කොට ඔවුන් මැවූ සේක” (උත්පත්ති 1:27).

උන්වහන්සේගේ මහිමාන්විත ස්වරූපය දරන්නන් මෙන් අන් අය අපව දකින විට අපි උන්වහන්සේ පරාවර්තණය කළ යුතු වෙමු. ආබෙලාට වැදගත්වන්නේ යේසුස්වහන්සේය. ඇගේ අත් හෝ ඇඟිලි නැති කම නොවේ. සියලු ඇදහිලිවතුන්ට එය සත්‍යයකි. “අපි සියල්ලෝම මුහුණු වැස්මක් නැතුව ස්වාමින්වහන්සේගේ තේජස කැඩපතකින් මෙන් දක්වමින්….. තේජසින් තේජසට එම ස්වරූපයට වෙනස් කරනු ලබමුව” (2 කොරින්ති 3:18).

ආබෙලාට සමානව ක්‍රිස්තුස්වහන්සේගේ වෙනස් කිරීමේ බලයෙන් අපගේ ජීවිත වෙනස් කර ගත හැකිය (18 පදය). එය දෙවියන්වහන්සේගේ මහිමය උදෙසා හඬ නංවන ජීවන ගීතයක් වන්නේය.