1800 අග භාගයේදී චියුහාහුආන් කාන්තාරයේ අසු පිටින් යන විට අහස දෙසට දුම් වලාවක් කැරකෙමින් යනවා ජිම් වයිට් දුටුවේය. තරුණ ගොපලු කොල්ලා ඒ ලැව්ගින්නකැයි සිතා ඒ දෙසට ගමන් කළේය. ඒ දුම ගුහාවකින් එන වව්ලන් සමූහයක් බව ඔහු දැන ගත්තේය. නිව් මැක්සිකෝවේ කැරිස්බාඩ් ගුහා සංකීර්ණය වයිට් සොයාගත්තේ එලෙසය. එය අලංකාර, සංකීර්ණ ගුහා සමූහයකි.

මැද පෙරදිග කාන්තාරයක මෝසෙස් බැටළුවන් බලාගෙන සිටින විට ඔහුද අමුතු දර්ශනයක් දුටුවේය. එය ඔහුගේ ආකර්ශණය ඇද ගත්තේය. ඒ ගින්දර මධ්‍යයෙහි නොදැවෙන පඳුරකි (නික්මයාම 3:2). දෙවියන්වහන්සේම පඳුරේ සිට කථා කළ විට ඔහු පැමිණ ඇත්තේ පෙර දුටුවාට වඩා ශ්‍රේෂ්ඨ දෙයක් වෙත බව මෝසෙස් දැන ගත්තේය. උන්වහන්සේ මෝසෙස්ට කීවේ “මම නුඹේ පියාගේ දෙවියන්වහන්සේය. ආබ්‍රහම්ගේ දෙවියන්වහන්සේය” (6 පදය) යනුවෙනි. වහල්කමේ සිටි සෙනගක් නිදහසට ගෙන යාමට දෙවියන්වහන්සේ සුදානම්ව සිටි සේක. උන්වහන්සේගේ දරුවන් ලෙස ඔවුන්ගේ සත්‍ය අනන්‍යතාවය දෙවියන්වහන්සේ ඔවුන්ට පෙන්වූ සේක (10 පදය).

වසර 600 කට ප්‍රථම දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට පොරොන්දුවක් දී තිබුණි. “පොළොවේ සියලු පවුල් නුඹ කරණකොට ගෙන ආාශිර්වාද ලබන්නෝය” (උත්පත්ති 12:3). ඉශ්‍රායෙල්වරුන් මිසරයෙන් නිදහස් වීම එම ආශිර්වාදයේ එක පියවරක් පමණී. එම සැලසුම නම් ආබ්‍රහම්ගේ පරම්පරාවෙන් පැවත එන මෙසියස්වහන්සේ තුළින් තම මැවිල්ල නිදහස් කිරීමය.

අද අපට එම ආශිර්වාදයේ ප්‍රයෝජන භුක්ති විඳිය හැකිය. දෙවියන්වහන්සේ මෙම ගැළවීම සියල්ලන්ට ඉදිරිපත් කරන සේක. ක්‍රිස්තුස්වහන්සේ මුළු ලෝකයේ පාපයන් වෙනුවන් මිය යෑමට පැමිණී සේක. උන්වහන්සේ තුළ ඇදහිල්ලෙන් අපද ජීවමාන දෙවියන්වහන්සේගේ දරුවන් බවට පත්වන්නෙමු.