මාගේ සහෝදර ඬේවිඩ් හෘදයාබාධයකින් හදිසියේ මිය ගිය විට මා ජීවිතය දෙස බැලීමේ විධිය විශාල ලෙස වෙනස් විය. දරුවන් හත් දෙනෙකුගෙන් සිව්වෙනියා ඔහුය. අප අතරින් පළමුවෙන් වෙන්වූයේද ඔහුය. බලාපොරොත්තු නොවූ එම වියෝවේ ස්වභාවය මට සිතීමට බොහෝ කාරණා දුන්නේය. අප වයස්ගත වන විට අපගේ පවුලේ ලැබීමට වඩා නැතිවීම විශාල වූ බව මට වැටහුණි. පිළිගැනීම් මෙන්ම සමු ගැනීම්ද ඇති බව මට තේරුම් ගියේය.

බුද්ධියට මේවා එකක්වත් පුදුමයක් නොවීය. ජීවිතය ක්‍රියාත්මක වන්නේ එසේය. නමුත් මොළයට මෙය භාවමය විදුලි කෙටීමක් මෙන් විය. ජීවිතය අපට දෙන සෑම මොහොතකටම එය නැවුම් වැදගත්කමක් දුන්නේය. එසේම එය ඇති කරන සෑම අවස්ථාවක්ම වැදගත් විය. එසේම අනාගතයේදී එකතුවීමේ සත්‍යතාවයේ වටිනාකමද එය ඉස්මතු කළේය. එහිදී සමුගැනීම් අවශ්‍ය වන්නේ නැත.

එළිදරව් 21:3-4 හි හරයෙහි මෙම සත්‍යතාවය හමුවේ. “දෙවියන්වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන් වන සේක. උන්වහන්සේ ඔවුන්ගේ ඇස්වලින් කඳුළු පිස දමන සේක. වැලපීමත්, හැඬීමත්, වේදනාවත් තවත් නොවන්නේය. මක්නිසාද පළමු දේවල් පහව ගියේය”.

අද අපි දීර්ඝ සමුගැනීම් කාලවල් අත් දුටුවද ක්‍රිස්තුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම කෙරෙහි වන අපගේ විශ්වාසය සදාකාලයක පිළිගැනීමේ පොරොන්දුවක් අපට දෙන්නේය.