මාගේ මිතුරිය වන එලන් ගිණුම් සමාගමක වැටුප් සාදන්නීය. මෙය වැඩි කරදරයක් නැති රැකියාවක් යැයි ඔබට පෙනෙනු ඇත. නමුත් සමහර විට සේවකයින් තම පෝරම භාර දෙන්නේ නියමිත දිනය පසු වීය. ඒහෙයින් එලන් ඔවුන්ගේ වැටුප් වෙලාවට ලබා දීම පිණිස වැඩිපුර පැය ගණනක් වැඩ කරන්නීය. ඇය එසේ කරන්නේ වැටුප මත යැපෙන පවුල් ගැන සිතාය. අවශ්‍ය දේවල්, බෙහෙත් සහ ගෙවල් කුලී ගෙවීම පිණිස සෙනග වැටුප ලැබෙන තුරු බලා සිටිති.
ඇයගේ රැකියාව දෙස ඇය බලන සානුකම්පිත බැල්ම යේසුස්වහන්සේ මෙලොව ගත කළ කාලය අපට මතක් කරන්නේය. උන්වහන්සේට අපහසු අවස්ථාවලදීත් උන්වහන්සේ සෙනගට සේවය කළ සේක. උදාහරණයක් ලෙසට යොහන් බව්තිස්ත මරා දැමුවාය යන පුවත දැන ගත් වීට උන්වහන්සේට තනිව සිටින්න අවශ්‍ය වුනි. උන්වහන්සේ ඔරුවක නැගී කාන්තාර ස්ථානයකට යන්න පිටත්වුනි (මතෙව් 14:13). සමහර විට උන්වහන්සේට තම ඥාතියා වෙනුවෙන් ශෝක වන්නට සහ උන්වහන්සේගේ ශෝකය තුළින් යාච්ඤා කරන්න අවශ්‍ය වන්නට ඇත.
නමුත් එක් ගැටළුවක් විය. උන්වහන්සේ පසුපස සෙනග ඇදී ආවෝය. ඔවුන්ට විවිධ භෞතික අවශ්‍යතා තිබුණි. සෙනග ආපසු යැවීම පහසු කාර්යයක් වන්නට තිබුණි. නමුත් උන්වහන්සේ එහි පැමිණී විට “මහත් සමූහයක් දැක ඔවුන් කෙරෙහි අනුකම්පාවී ඔවුන්ගේ රෝගීන් සුව කළ සේක” (14 පදය).
ලෝකයේ ජීවත්වන විට සෙනගට ඉගැන්වීම සහ ඔවුන් සුව කිරීම උන්වහන්සේගේ කැඳවීමේ කොටසක් වූවත් උන්වහන්සේගේ වගකීම් ඉෂ්ට කළ ක්‍රමයට උන්වහන්සේගේ සහවේදනය බලපෑවේය. අපගේ ජීවිතවල ඇති උන්වහන්සේගේ අනුකම්පාව තේරුම් ගැනිමට අපට දෙවියන්වහන්සේගේ උපකාරය ලැබේවා. එසේම එය අන් අය වෙත ගෙන යාමට අපට ශක්තිය දෙන සේක්වා.
In Matthew 14:13, we read, “When Jesus heard what had happened, he withdrew by boat privately to a solitary place.” During key moments or times of great challenge, He would seek solitude from the crowds. This was a regular pattern in His earthly experience (v. 23; Mark 1:35; 6:46; Luke 5:16; 6:12). In Matthew 14, the trigger for Jesus’ desire for solitude (“what had happened,” v. 13) was the sordid series of events that resulted in the murder of His forerunner, John the Baptist. Whether He wanted time to grieve John’s death or to seek the comforting presence of the Father, Jesus found value in moments of solitude.