(ස්කේලින්) අඩු වැඩි කිරීම් ව්‍යායාම ක්‍ෂේත්‍රයේ නිතර භාවිතා වන වචනයකි. එය සෑම කෙනෙකුටම සහභාගී වීමට ඉඩ සළස්වයි. උදාහරණයක් වශයෙන් ව්‍යායාමයක් වන අත් සහ පාද පොළොවේ තබා ඉහළට එසවීම ඔබට දහවරක් කරන්න පුලුවන් වූවත් මට එය කළ හැක්කේ හතරවරක් පමණී. නමුත් මගේ උපදේශක මට කියා සිටියේ මගේ ශක්ති ප්‍රමාණය ලෙස ගණන අඩු වැඩි කරන ලෙසය. අපි සියල්ලෝම එකම මට්ටමේ නැති වූවත් අපි සියලු දෙනාටම එකම දිසාවකට යා හැක. වෙනත් වචන වලින් කියනවා නම් ඇය කියන්නේ “ඔබට ඇති ශක්තියෙන් හතරවරක් කරන්න. ඔබව වෙනත් අය සමග සංසන්දනය කර නොගන්න. ඔබ කර ගෙන යන්නා සේ කර ගෙන යන්න. කාලයකදී ඔබ සත් වරක් සහ සමහර විට දිනකදී දහවරක් කළ හැකි වී ඔබ පුදුමයට පත්වනු ඇත.

දීම ගැන අපෝස්තලු පාවුල් පැහැදිළිව සඳහන් කරන්නේ “සතුටු සිතින් දෙන්නාට දෙවියන්වහන්සේ ප්‍රේම කරන සේක” (2 කොරින්ති 9:7) යනුවෙනි. නමුත් කොරින්තියේ ඇදහිලිවතුන්ට සහ අපට කරන මෙම දිරි ගැන්වීම අඩු වැඩි වීමේ විවිධත්වයක් දක්වයි. “එක් එක්කෙනා තම තමාගේ සිතින් නියම කරගත් ලෙස දේවා” (9 පදය). අප එකිනෙකා විවිධ දීමේ මට්ටම් වල සිටිමු. සමහර විට එම මට්ටම් කාලය සමග වෙනස් වේ. සංසන්දනය ප්‍රයෝජනවත් නැත. නමුත් ඔබ සිටින මට්ටම අනුව ආකල්පය තීරණය වේ (6 පදය). අපගේ දෙවියන්වහන්සේ පොරොන්දු වී සිටින්නේ එවැනි ප්‍රීතිමත් විනයානුකූල දීම සෑම අතින්ම සැපයීමක් ගෙන එමින් දෙවියන්වහන්සේට ස්තුති දෙන ආශිර්වාදමත් ජීවිතයක්ද ගෙන දෙන බවය.