රතු තිත් කුරුමිණියා අලංකාර කෘමියෙකි. අත්තටු පිටත තිත්ද අත්තටු ඇතුළත දීප්තිමත් රතු වර්ණයක්ද ඌට ඇත. පියාඹන විට ඌ දිළිසෙන්නේය. නමුත් උගේ ලස්සන රැවටිලිකාරය. මේ කෘමියා පළමුවෙන් දැක ඇත්තේ 2014 දීය. ඌ උතුරු ඇමෙරිකාවේ ආක්‍රමණික කෘමියෙකි. පාරිසරිකව සහ ආර්ථිකව රටකට පහරදීමට ඌට හැකියාව තිබේ. රතු තිත් කුරුමිණියා ඕනෑම ගසක අරටුවක් කා දමන්නේය. ඊට චෙරි ගස් සහ අනිකුත් පලතුරු ගස්ද ඇතුළත්ය. ඌ මැලියම් වර්ගයක් ඉතිරි කර යයි. එය පුස් බවට පරිවර්තනය වී ගස් සම්පූර්ණයෙන් අඩාල කරයි. නැතිනම් ඵල දැරීමේ ශක්තිය නැති කරයි.
ආදම් සහ ඒවගේ කථාවේ වෙනත් වර්ගයක හානියක් අපි දකිමු. සාතන් වන සර්පයා “දෙවියන්වහන්සේ මෙන් වීම” පිණිස දෙවියන්වහන්සේ තහනම් කළ ගෙඩිය කෑමට ආදම් සහ ඒවව පෙළඹවීය (උත්පත්ති 3:1-7). නමුත් සර්පයෙකුට සවන් දුන්නේ ඇයි? සර්පයාගේ වචන පමණක් ඒවව ආකර්ශණය කළේද? නැතිනම් ඔහුගේ යම් ඇදගැනීමේ ස්වරූපයක් තිබුණේද? බයිබලයට අනුව සාතන් අලංකාර ලෙස මවා තිබුණි (එසකියෙල් 28:12). ඒව රැවටීමට සාතන් යොදා ගත් පරීක්‍ෂාවෙන්ම ඔහු වැටී ගියේය : “මම …. මහෝත්තමයාණන්ට සමාන වන්නෙම්” (යෙසායා 14:14; එසකියෙල් 28:9).
දැන් සාතන්ට යම් අලංකාරයක් ඇද්ද ඌ එය රැවටීමට යොදා ගන්නේය (උත්පත්ති 3:1; යොහන් 8:44; 2 කොරින්ති 11:14). ඔහු වැටුණු ලෙසට අන් අයව පහළට ඇදීමට ඔහු උත්සාහ කරයි. නැතිනම් වර්ධනය මර්ධනය කරයි. නමුත් අපගේ පක්‍ෂයේ අපට ඊට වඩා බලවත් කෙනෙකු සිටී. අපගේ අලංකාර ගැළවුම්කරුවාණන් වන යේසුස්වහන්සේ වෙතට අපට දිව යා හැකිය.
Genesis doesn’t identify the serpent in the garden of Eden as Satan. Only when the last book of the New Testament foresees a world engulfed in the violence of deception do the Scriptures directly link the dragon, the serpent, the devil, and Satan (Revelation 12:9; 20:2). In between there are hints. Along the way the voice of the enemy shows up in unexpected places. The hiss of accusing envy shows up in God’s meetings with His angels (Job 1:6–12). Nowhere, however, is there reason for more wonder than in John 3:14–15 where Jesus uses the imagery of the serpent to picture His own saving work. “Just as Moses lifted up the snake in the wilderness, so the Son of Man must be lifted up, that everyone who believes may have eternal life in him.”