කර්තෘ මාර්ක් ට්වේන් යෝජනා කරන්නේ අපගේ ජීවිතයේ අප බලන දේවල් සහ බලන විධිය අපගේ ඊළඟ පියවරයන්ට අපගේ අනාගතයට පවා බලපෑම් කරන බවය. ට්වේන් කීවාක් මෙන් “ඔබගේ පරිකල්පනය වෙනතක නම් ඔබගේ දෑස් මත යැපීමට ඔබට බැරිය”.

පේත්‍රෑස්ද ඇවිදීමට බැරි යාචකයෙක්ට කථා කරන විට දර්ශනය ගැන කථා කළේය. සුදර්ශණ නැමැති කාර්ය බහුල මාළිගා දොරටුව අසලදී මේ මිනිසා ඔවුන්ට මුණ ගැසුණි (ක්‍රියා 3:2). මිනිසා ඔවුන්ගෙන් මුදල් ඉල්ලු විට පේත්‍රෑස් සහ යොහන් ඔහු දෙස සෘජුව බැලුවෝය. ඉන්පසු පේත්‍රෑස් “අප දෙස බලන්න” කියා (4 පදය) ඔහුට කීවේය.

ඔහු එසේ කීවේ ඇයි? ක්‍රිස්තුස්වහන්සේගේ තානාපතියෙක් ලෙසට පේත්‍රෑස් යාචකයා ඔහුගේ සීමාවන් දෙස බැලීම නතර කළ යුතු බව දැන ගත්තේය. එසේය, ඔහුගේ මුදල් අවශ්‍යතාවයන් ගැන පවා බැලීම නතර කළ යුතු වන්නේය. ඔහු අපෝස්තලුවරු දෙස බලන විට දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ සත්‍යතාවය ඔහු දැකිය යුතු වන්නේය.

පේත්‍රෑස් ඔහුට කී ලෙස “රන් රිදී මට නැත . නුමුත් මට ඇති දේ නුඹට දෙමි. නාසරීය යේසුස්වහන්සේගේ නාමයෙන් ඇවිදින්නැයි කියා ඔහුගේ දකුණත අල්ලා ඔහු නැගිට්ටෙව්වේය. එකෙණෙහිම ඔහුගේ ඇස්වට සහ පාද සවි විය. ඔහු පැන නැගී කෙළින් සිට ඇවිදිමින්ද පැන නගිමින්ද දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින්ද” ගියේය (7-8 පද).

සිදුවූයේ කුමක්ද? මනුෂ්‍යයාට දෙවියන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් ඇති විය (16 පදය). ඉවැන්ජලිස්ත චාර්ල්ස් ස්පර්ජන් පැවසූ ලෙස “ඔබගේ ඇස උන්වහන්සේ දෙස පමණක්ම තබන්න”. අප එසේ කරන විට අපි බාධා නොදකින්නෙමු. මාර්ගය පැහැදිළි කරන තැනැත්තාණන් වන දෙවියන්වහන්සේව අපි දකිමු.