චාර්ල්ස් සිමියොන් (1759-1836 දක්වා) එංගලන්තයේ කේම්බ්‍රිජ් හි හෝලි ට්‍රිනිටි (ශුද්ධවූ ත්‍රිත්වය) සභාවේ වැඩ භාර ගත් පසු ඔහුට වසර ගණනාවක් බොහෝ විරුද්ධතා පැමිණියේය. සමූහනයේ බොහෝ අය සිමියොන් වෙනුවට සහායක දේවගැති පත් කිරීමට උත්සාහ කළෝය. ඔව්හු සිමියොන් ගැන බොරු ප්‍රචාර කළෝය. ඔහුගේ සේවය ප්‍රතික්‍ෂේප කළෝය. සමහර විට ඔහුව සභාවෙන් පිටත දමා දොර වැසුවෝය. නමුත් සිමියොන් දෙවියන්වහන්සේගේ ආත්මයෙන් පූර්ණ වීමට ආශා කළේය. ජීවත්වීමේ ප්‍රතිපත්ති කිහිපයක් සාදා ගෙන ඕපාදුප සමග ක්‍රියා කළේය. එකක් නම් ඒවා සම්පූර්ණයෙන්ම සත්‍යය නම් මිසක ඕපාදුප විශ්වාස නොකිරීමයි. අනෙක නම් “අනෙක් පැත්තටත් අවස්ථාවක් දුනහොත් වාර්තාව වෙනස් වන බව විශ්වාස කිරීමයි”.

මෙම පුරුද්දත් සමග සිමියොන් දෙවියන්වහන්සේ තම සෙනගට දුන් උපදෙස් අනුගමණය කළේය. ඒ ඕපාදුප සහ දුෂ්‍ය කථාව නවතා දැමීමටය. ඒවා එකිනෙකාට ඇති ආදරය විනාශ කර දමයි. දෙවියන්වහන්සේගේ දස පනතින් එකක් පරාවර්තනය කරන්නේ ඔවුන් සත්‍ය ලෙස ජීවත්වීමට ඇති දෙවියන්වහන්සේගේ කැමැත්තයි.
“නුඹේ අසල්වැසියාට විරුද්ධව බොරු සාක්‍ෂි නොකියව” (නික්මයාම 20:16). නික්මයාමෙහි ඇති තවත් උපදෙසක් මෙම ආඥාව ශක්තිමත් කරයි. “බොරු ප්‍රවෘත්ති පතල නොකරන්න” (23:1).

අපි කිසි කෙනෙකු ඕපාදුප සහ බොරු ප්‍රවෘත්ති පතළ නොකරයි නම් සහ ඒවා ඇසුණු ක්‍ෂණයකින් ඒවා නවතා දමයි නම් ලෝකය කෙලෙස වේදැයි කල්පනා කර බලන්න. ප්‍රේමයෙන් යුතුව සත්‍යය කථා කිරීමට සහ අපගේ වචන දෙවියන්වහන්සේට මහිමය ගෙන ඒම පිණිස භාවිතා කිරීමට උදව් කරන පිණිස අපි ශුද්ධාත්මයාණන් කෙරෙහි යැපෙමු.