කෙතරම් වෙලාව නාස්ති කිරීමක්ද? හාලි සිතුවාය. ඇයගේ රක්‍ෂණ ඒජන්ත නැවත හමුවෙමු යයි ඇයට කියා තිබුණි. එය නීරස ව්‍යාපාරික කථාවක් වනු ඇති බව හාලී දැන සිටියාය. නමුත් ඇය ඉන් ප්‍රයෝජනයක් ගන්නා පිණිස ඇයගේ ඇදහිල්ල ගැන කථා කිරීමට එය අවස්ථාවක් කර ගැනීමට කල්පනා කළාය.

ඒජන්තවරියගේ ඇහි බැමි වල පච්ච කොටා තිබෙන බව දැක ඇය පැකීලෙමින් ඒ ගැන අසා දැන ගත්තේ එම කාන්තාව එසේ කර ඇත්තේ එය ඇයට වාසනාව ගෙන එන්නේය කියා සිතු හෙයින් බවයි. හාලිගේ ප්‍රශ්නය මුදල් ගැන කථා කිරීමට එහා ගිය අවදානම් සහිත රවුමකි. නමුත් එය තමන් යේසුස්වහන්සේ මත යැපෙන්නේ ඇයි කියා කථා කිරීමට ඇයට අවස්ථාවක් ලබා දුන්නේය.

යේසුස්වහන්සේද අවදානම් සහිත වටයක් ගිය සේක. යුදයෙහි සිට ගලීලයට යන අතරතුර උන්වහන්සේ සමාරිය ස්ත්‍රීයට කථා කිරීමට අවස්ථාව ගත් සේක. එය යුදෙව්වෙක් කිසිසේත් නොකරන දෙයකි. එය ඊටත් වඩා භයානක වූයේ ඇය අනිත් සමාරියන්ගේද ප්‍රතික්‍ෂේපයට භාජනය වූ කාමමිථ්‍යාචාරික ස්ත්‍රීයක් වීමය. කෙසේ වෙතත් එම කථාව අවසන් වූයේ බොහෝ දෙනෙක් ගැළවීමට පැමිණීමෙන්ය (යොහන් 4:1-26, 39-42).

ඔබ හමුවීමට බලාපොරොත්තු නැති කෙනෙකු ඔබට මුණ ගැසෙන්නේද? ඔබ සමාන්‍යයෙන් මග හරින අසල්වැසියෙකු නිතර නිතර මුණ ගැසෙන්නේද? බයිබලය කියන්නේ අපට සැමවිට සුදානම්ව සිටින ලෙසය. ඒ “කලටත් අකලටත්” ශුභාරංචිය බෙදා ගන්නා පිණිසය (2 තිමෝති 4:2). “අවදානම් වටයක්” භාර ගැනීම ගැන සිතන්න. අද දිනයේ කාට හෝ කථා කිරීමට දිව්‍යමය අවස්ථාවක් දෙවියන්වහන්සේ දෙන්නේදැයි දන්නේ කවුද?