මාගේ වැඩිහිටි පුත්‍රයා අමාරුවක වැටුණ විට ඔහුගේ පියා වසරක් රැකියාවක් නැතිව සිටින කාලයේ ඔහු දෙවියන්වහන්සේගේ අඛණ්ඩ සැපයිම අත්දුටු ආකාරය මම කියා දුනිමි. මගේ මව ලියුකේමියා රෝගයට ගොදුරුව පරාජයවූ සටනක් කරන විට දෙවියන්වහන්සේ අපගේ පවුලේ අය ශක්තිමත් කර සමාදානය දුන් ආකාරය මතක් කළෙමි. දේව වචනය තුළ ඈඳා ඇති දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම මම ඉස්මතු කළ අතර දෙවියන්වහන්සේ තම වචනය පවත්වන්ට විශ්වාසවන්ත බව මම ස්ථීර කළෙමි. අපගේ පවුල තුළ දෙවියන්වහන්සේ විසින් සපයන ලද මතක මාර්ගයන් ඔස්සේ මම මගේ පුත්‍රයාව ගෙන ගියෙමි. අපගේ මිටියාවත් සහ කඳුමුදුන් අත්දැකීම් වලදී දෙවියන්වහන්සේ විශ්වාසවන්තව සිටි ආකාරය ඔහුට මතක් කර දුනිමි. අපි අරගල කරන හෝ සමරණ හෝ මොහොතවල් වලදී දෙවියන්වහන්සේගේ අභිමුඛය, ප්‍රේමය සහ අනුග්‍රහය ප්‍රමාණවත් බව ඔප්පු විය.

ඇදහිල්ල ශක්තිමත් කිරීමේ මේ උපක්‍රමය මාගේමය කියා කීමට මම කැමති වුවද උන්වහන්සේ කෙරෙහි මතු පරම්පරාවල ඇදහිල්ල ජ්වලිත කිරීම පිණිස කථා බෙදා ගැනීමට පුරුද්ද දෙවියන්වහන්සේ සකසා තිබේ. ඉශ්‍රායෙල්වරු දෙවියන්වහන්සේ අතීතයෙහි කළ දේවල් මතක තබා ගත්තාක් මෙන් උන්වහන්සේ ඔවුන්ගේ දිව්‍යමය මතක සටහන් මාර්ගය දෙපස ස්මාරක තැබූ සේක.

දෙවියන්වහන්සේව අනුගමණය කරන විට දෙවියන්වහන්සේ තම පොරොන්දු ඉෂ්ට කරන අයුරු ඉශ්‍රායෙල්වරු දුටුවෝය (ද්වීථීය කථාව 4:3-6). උන්වහන්සේ සැම විට ඔවුන්ගේ යාච්ඤා අසා පිළිතුරු දුන් සේක (7 පදය). තරුණ පරම්පරාව සමග ප්‍රීතිවී මතක සටහන් තැබීය (9 පදය). එකම සත්‍යවූ දෙවියන්වහන්සේගේ හුස්ම යොදා ආරක්‍ෂා කරන ලද ශුද්ධවූ වචනය ඉශ්‍රායෙල්වරු බෙදා දුන්නෝය (10 පදය).

අපි අපගේ ශ්‍රේෂ්ඨ දෙවියන්වහන්සේගේ මහිමය, දයාව සහ සමීප ප්‍රේමය පවසන විට අපගේ අවබෝධය සහ අන් අයගේ ඇදහිල්ලද උන්වහන්සේගේ නොනවතින විශ්වාසවන්ත බවේ ස්ථීරත්වයෙන් ශක්තිමත් වන්නේය.