පොන්ට්ඩෙස් ආර්ට්ස් පාලමේ සෑමතැනකම සවි කර තිබූ දස දහස් ගණන් ඉබියතුරු දැක මම පුදුම වීමි. ඒවා බොහෝමයක තම ප්‍රියයන්ගේ නම්වල මුල් අකුරු කොට තිබුණි. සෙයින් ගංගාව හරහා යන මෙම මගී පාලම ප්‍රේමයේ සංකේත වලින් උතුරා යන්නේ “සදහටම” යනුවෙන් යුවළක් විසින් කරන ලද ප්‍රේමයේ සංකේතයක් නිසාවෙනි. 2014 දී ඒවායෙහි බර ටොන් 50 ක් බවට ගණන් බලා තිබුණි. පාලමෙන් කොටසක් කඩා වැටීමට එය හේතුවක් වූ හෙයින් ඉබියතුරු ගළවා දැමීමට සිදුවිය.

එතරම් ගණනක් ප්‍රේමයේ අගුල් පෙනනුම් කරන්නේ ප්‍රේමය ස්ථීරවීම ගැන මනුෂ්‍යයා තුළ ඇති ගැඹුරු ආශාවයි. සාලමොන්ගේ ගීතිකාවේ එනම් ප්‍රේමවන්තයින් දෙදෙනෙකු අතර දෙබසක් සඳහන් වන පරණ ගිවිසුම් පොතෙහි “මුද්‍රාවක් කොට නුඹේ සිතෙහිද මුද්‍රාවක් කොට නුඹේ හස්තයෙහිද මා තබා ගන්න” (සාලමොන්ගේ ගීතිකා 8:6) කියා ස්ත්‍රීය තම ප්‍රේමවන්තයාගෙන් ඉල්ලා සිටින්නේ ප්‍රේමය සුරක්‍ෂිත කරන ලෙසටය. ඇයගේ ආශාව වූයේ ඔහුගේ හදවතේ මුද්‍රාවක් ලෙසත් ඔහුගේ ඇඟිල්ලේ මුදුවක් ලෙසත් ඇයට ඇති ප්‍රේමය ස්ථීර වී ආරක්‍ෂා වීමය.

සාලමොන්ගේ ගීතිකාවේ ප්‍රකාශ කර ඇති රමණීය ප්‍රේමය පෙන්නුම් කරන්නේ අලුත් ගිවිසුමේ එපීස පොතෙහි සඳහන් වන සත්‍යයි. එනම් අපි දෙවියන්වහන්සේගේ ආත්මයාණන්ගේ මුද්‍රාවෙන් මුද්‍රා කරනු ලැබ සිටින්නෙමු (එපීස 1:13) යන්නයි. මනුෂ්‍ය ප්‍රේමය චපල වුවද පාලමෙන් ඉබි යතුරු ගැලෙව්ව හැකි වුවද අප තුළ සදාකාලයට ජීවත්වන ක්‍රිස්තුස්වහන්සේගේ ආත්මය තම දරුවන්ට දෙවියන්වහන්සේ දක්වන ප්‍රේමය කිසිදා අවසන් නොවන බව ප්‍රදර්ශනය කරන්නේය.