ලාෂොන්ට දෙන්නාවූ පොරොන්දුවල ගැඹුර ග්‍රහණය වීමෙන් විවාහ පොරොන්දු කියවන විට ජොනතන් වෙව්ලීය. “මේවා පවත්වන්න නොහැකි යයි විශ්වාස කරමින් මෙම පොරොන්දු දෙන්නේ කෙසේද?” කියා ඔහු සිතුවේය. කෙසේ හෝ උත්සවය නිමවන තෙක් ඔහු සිටියත් එම කැපවීම්වල බර එසේම පැවතුණි. උත්සවයෙන් පසු ජොනතන් තම භාර්යයාව රැගෙන තම යාච්ඤා කුටියට ගියේය. පැය දෙකකට වැඩි කාලයක් යාච්ඤා කරමින් ලාෂොන්ව බලා ගැනීමටත් ආදරය කිරීමටත් ඔහු දෙවියන්වහන්සේගෙන් උපකාර ඉල්ලා සිටියේය.
ජොනතන්ගේ විවාහ දිනයේ ඔහුට ඇති වූ බියෙහි පදනම වූයේ ඔහුගේ මනුෂ්‍ය දුර්වලතා හඳුනා ගැනීම තුළය. නමුත් ආබ්‍රහම්ගෙන් පැවත එන්නන් තුළින් ලෝකයේ ජාතීන් ආශිර්වාද කිරීමට (ගලාති 3:16) පොරොන්දු වූ දෙවියන්වහන්සේට එවැනි සීමාවන් නැත්තේය. තම යුදෙව් පාඨකයන්ට යේසුස්වහන්සේ තුළ ඇදහිල්ල උනන්දුවෙන් සහ ඉවසිල්ලෙන් අල්ලා ගෙන සිටීමට අභියෝග කරන පිණිස හෙබ්‍රෙව් කර්තෘ දෙවියන්වහන්සේ ආබ්‍රහම්ට දුන් පොරොන්දුවද වයස්ගත තැනැත්තා ඉවසිල්ලෙන් බලා සිටීමද සහ පොරොන්දු වූ දෙය ඉෂ්ට වීමද ගැන සිහිපත් කළේය (හෙබ්‍රෙව් 6:13-15). විශාල පරම්පරාවක් දීමේ දෙවියන්වහන්සේගේ පොරොන්දුව ඉෂ්ට වීමට ආබ්‍රහම් සහ සාරා ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වීම දෙවියන්වහන්සේට බාධාවක් නොවුනි (14 පදය).
ඔබ දුර්වල, බෙලහීන සහ පෘථග්ජන කෙනෙක් වීම නිසා දෙවියන්වහන්සේව විශ්වාස කිරීම ඔබට අභියෝගයක්ද? ඔබගේ කැපවීම් තබන්නත්, ඔබගේ පොරොන්දු සහ බාර ඉෂ්ට කරන්නත් ඔබ අරගල කරන්නේද? 2 කොරින්ති 12:9 හි දෙවියන්වහන්සේ අපට උපකාර කිරීමට පොරොන්දු වන සේක. “මාගේ කරුණාව නුඹට සෑහේය. මක්නිසාද දුර්වලකමේදී මාගේ බලය සම්පූර්ණ වන්නේය” (2 කොටින්ති 1:9). වසර තිස්හයකට වඩා තම පොරොන්දු පැවැත්වීමට ජොනතන්ට සහ ලාෂොන්ට දෙවියන්වහන්සේ උපකාර කර ඇත. ඔබට උපකාර කිරීම පිණිස උන්වහන්සේව විශ්වාස නොකරන්නේ ඇයි?
The ancients sealed their promises with an oath in the name of a superior being, often a deity, to confirm the veracity of the promise (Hebrews 6:16), invoking punishment if the promise wasn’t kept. Israel swears oaths in God’s name only (Deuteronomy 6:13; 10:20). To encourage Jewish believers suffering because of persecution, the writer of Hebrews focuses on His faithfulness to His promises. Hebrews 6:13–15 alludes to Genesis 22:15–18. When God made promises to His people, there was no greater being to guarantee His commitment. Since He’s the only true God and no one is greater than He is (Deuteronomy 4:35, 39; Isaiah 44:6), He can only “swear by himself” (Genesis 22:16; Hebrews 6:13). God’s oath doesn’t need any confirmation from anyone else. His character is His word (Numbers 23:19; 1 Samuel 15:29), for “it is impossible for God to lie” (Hebrews 6:18).