සත්ව ගොවිපලවල් අසල ජීවත් වූ හාස්‍ය ලේඛක මයිකල් යාකොනෙලි එළදෙනුන් තණ උලා කමින් එහේ මෙහේ යන ආකාරය දෙස බලා සිටියේය. එළදෙන සෑම විටම වැඩි කොළපාට තණ සොයා ගෙන යන්නීය. ගොවිපොළ අවසානයට පැමිණී විට සෙවන දෙන ගසක් යට නැවුම් තණකොළ ඇති බව එළදෙන දුටුවාය. කැඩී ඇති වැටට එහා රසවත් තෘණ පඳුරක් දකින්නීය. එවිට එළදෙන වැට තල්ලු කර ගෙන වැටෙන් එහා පාරට යන්නීය. ඇය සෙමෙන් තණ කොළ කමින් නැතිවී යන්නේය.

ඉබාගාතේ යාමේ ප්‍රශ්නයේදී එළදෙනුන් තනිවී නැත. බැටළුවන්ද ඉබාගාතේ යති. එසේය. ඉබාගාතේ යාමට වඩාත් නැඹුරුවී ඇත්තේ මනුෂ්‍යයාය.

සමහර විට බයිබලයේ අපව බැටළුවන්ට සමාන කර ඇත්තේ ඒ නිසා විය හැකිය. සත්‍යයෙන් අප කෙතරම් දුර ගොස් ඇත්දැයි තේරුම් නොගෙන අපගේ අවදානම් පියවරයන් සහ මෝඩ තීරණ නිසා අපට ඉබාගාතේ යාම පහසු වන්නේය.

යේසුස්වහන්සේ නැතිවූ බැටළුවෙකුගේ කථාවක් පරිසිවරුන්ට කී සේක. එම බැටළුවා එඬේරාට කෙතරම් වටිනවාද කිවහොත් ඔහු තමාගේ අනිත් බැටළුවන් අත්හැර දමා නැතිවූ එකා සොයා ගෙන ගියේය. ඌ හමුවූ විට ඔහු එය සැමරීය (ලූක් 15:1-7).

තමන් වෙත නැවත හැරී එන අය ගැන දෙවියන්වහන්සේගේ ප්‍රීතියද එසේමය. “මා සමග ප්‍රීති වෙයල්ලා. මාගේ නැතිවූ බැටළුවා සම්බ විය” (6 පදය) කියා යේසුස්වහන්සේ කී සේක. අපව ගළවා නැවත ගෙන ඒමට දෙවියන්වහන්සේ ගැළවුම්කරුවාණන් කෙනෙක් එවූ සේක.