සඳ වටා ගිය පළමු අභ්‍යාවකාශ යානයට නායකත්වය දුන්නේ ෆ්‍රෑන්ක් බෝර්මන්ය. ඔහු එයින් තෘප්තියට පත්වූයේ නැත. යන එන ගමනට දින දෙකක් ගතවිය. ෆ්‍රැන්ක්ට සංචලතා රෝගය වැළඳිණි. ඔහුට වමනය ගියේය. තත්පර තිහක පමණ කාලයකට බර නොදැනීම ප්‍රීතියක් බව ඔහු කීවේය. නමුත් ඉන් පසු ඔහු එයට පුරුදු විය. සඳට ළංවූ විට ඔහුට දැණුනේ සඳ නීරස, ආවාට වලින් හිල් වුන දේශයක් ලෙසය. කණ්ඩායම අළුපාට හිස් පොළොවේ ඡායාරූප ගත්තේය. ඊට පසු ඔවුන්ට එයද එපා විය.

කලින් වෙන කිසිවෙක් නොගිය ස්ථානයකට ෆ්‍රෑන්ක් ගියේය. නමුත් එය ප්‍රමාණවත් නොවීය. මේ ලෝකයෙන් එහා ගොස් ලැබූ අත්දැකීමකින් බෝර්මන් තෘප්තිමත් වුයේ නැතිනම් මේ ලෝකයේ ලැබිය හැති ප්‍රීතිය ගැන අපගේ බලාපොරොත්තු අඩුකර ගත යුතුව තිබේ. කිසිම භෞමික අත්දැකීමක් පරම තෘප්තිය නොදන බව දේශනාකාරයා පොතේ ගුරුවරයා දුටුවේය : “දැකීමෙන් ඇස තෘප්තියට පත්වන්නේවත් ඇසීමෙන් කන පිරී යන්නේවත් නැත” (1:8). අපට උද්දාමයේ මොහොතවල් ඉඳහිට දැනිය හැකිය. නමුත් අපගේ ප්‍රමෝදය ඉක්මණින් ගෙවී යන්නේය. අපි වෙනත් ප්‍රීතියක් සොයා යන්නෙමු.

ෆ්‍රෑන්ක් එක් ප්‍රමෝදයක් අත් වින්දේය. සඳුට පිටුපසින් අඳුර මැදින් පෘථිවිය නැගී ආවේය. එය නිල් සහ සුදු කිරි ගරුඬක් මෙන් හිරු එළියේ බැබළුණි. එලෙසම අපගේ සත්‍ය ප්‍රීතිය පැමිණෙන්නේ අප කෙරෙහි බබළන පුත්‍රයාණන්ගෙනි. යේසුස්වහන්සේ අපගේ ජීවනයයි. අපගේ පරම අර්ථයයි, ප්‍රේමයයි, අලංකාරයයි. අපගේ ගැඹුරුම තෘප්තිය පැමිණෙන්නේ මේ ලෝකයට පිටතිනි. අපගේ ගැටළුව? අප සඳ වෙතට ගියත් අප ගිය දුර ප්‍රමාණවත් නොවීමය