මම මෑතකදී කොටස් වශයෙන් පෙනෙන චිත්‍රවල අලංකාරය සොයා ගතිමි. ඒවා පළමුවෙන් පෙනෙන්නේ වෙනස් වෙනස් කොටස්වල එකතුවක් ලෙසටය. එම චිත්‍රයක් හරියට බැලිය හැක්කේ නිවැරදි කෝණයෙන් බැලුවොත් පමණී. එකට තබා ඇති සෘජු ඉරි ප්‍රසිද්ධ නායකයෙකුගේ මුහුණ ඉස්මතු කරයි. තවත් එකක කම්බි රාශියක් අලියෙක්ගේ සැකිල්ලකි. තවත් එකක තිත් දහස් ගණනක් නිවැරදි කෝණයෙන් බැලු කල ස්ත්‍රියකගේ ඇසකි. කොටස් චිත්‍ර දෙස බැලීමේ යතුර නම් එහි අර්ථය එළිදරව් වන තුරු විවිධ කෝණ වලින් බැලීමය.

ඉතිහාසය, කාව්‍යය සහ තවත් විෂ්‍යයන් නිසා බයිබලය තේරුම් ගැනීම සමහර විට අසීරු වේ. නමුත් බයිබලයම එහි අර්ථය මතු කර ගන්නා ආකාරය අපට කියයි. කොටස් මූර්තියක් ලෙස එයට සළකන්න. එය දෙස විවිධ කෝණ වලින් බලා ගැඹුරින් මෙනෙහි කරන්න.

ක්‍රිස්තුස්වහන්සේගේ උපමා එලෙස ක්‍රියාත්මක වේ. ඒවා මෙනෙහි කිරීමට කැමති අයට එනම් “ඇස් ඇති අයට” ඒවායේ තේරුම එළිදරව් වේ (මතෙව් 12:10-16). පාවුල් තිමෝතිට කීවේ ඔහුට අවබෝධය දෙන්න දෙවියන්වහන්සේට හැකි වන පරිදි තමන්ගේ වචන මෙනෙහි කරන ලෙසටය (2 තිමෝති 2:7). එසේම ගීතාවලිය 119 හි නැවත නැවත එන වැකිකඩ පවසන්නේ දේව වචනය මෙනෙහි කිරීම ප්‍රඥාව සහ අවබෝධය ගෙන එන ආකාරයයි. ඒ එහි අර්ථය දැන ගන්න අපගේ ඇස් විවර කරමින්ය (119:18, 97-99).

සතියකට එක උපමාවක් හෝ වාඩිවී ශුභාරංචි පොතක් එකවර කියවීම කෙසේද? පද කිහිපයක් සෑම කෝණයකින්ම බලන්න කාලය ගත කරන්න. ගැඹුරට යන්න. බයිබල් අවබෝධය පැමිණෙන්නේ එය මෙනෙහි කිරීමෙනි. එය කියවීමෙන් පමණක් නොවේ.

අහෝ දෙවියන්වහන්ස, දකින්න අපට ඇස් දුන මැනව.