“එයට අවශ්‍ය එපමණයි” මෙගන් කීවාය. ඇගේ ජෙරනියම් මල් ගසින් නටුවක් කපා ගෙන එහි අග පැණියෙහි ඔබා කොම්පෝස්ට් වලින් පිරුණු පෝච්චියක සිටවුවාය. මෙගන් මට ජෙරනියම් බෝ කරන අයුරු ඉගැන්වූවාය. ඒ එක් නිරෝගී ශාඛයකින් බොහෝ පැල ලබා ගන්නා ආකාරයයි. එවිට අන් අය සමග බෙදා ගන්නා පිණිස මට මල් තිබෙනු ඇත. පැණි දමන්නේ මුල් ඇද ගැනීම පහසු කරන පිණිස යයි ඇය කීවාය.

ඇය දෙස බලා සිටියදී මම කල්පනා කළේ ආත්මික මුල් ඇද ගැනීමකට අපට උපකාර කරන්නේ කුමණ දේවල්ද කියාය. අප ශක්තිමත්, ඇදහිල්ලේ මල් ඵල දරණ මනුෂ්‍යයන් වීමට අපට උපකාර කරන්නේ මොනවාද? මැළවී යාමට හෝ වර්ධනය අඩු වීමට හෝ අපට හේතුවන්නේ කුමක්ද? එපීසවරුන්ට ලියමින් පාවුල් කියන්නේ “අපි ප්‍රේමයෙන් මුල් ඇද පිහිටා සිටින” බවයි (එපීස 3:17). මෙම ප්‍රේමය පැමිණෙන්නේ ශුද්ධාත්මය දෙමින් අපව ශක්තිමත් කරන දෙවියන්වහන්සේගෙනි. ක්‍රිස්තුස්වහන්සේ අප හදවත් වල වාසය කරන සේක. අප “ක්‍රිස්තුස්වහන්සේගේ දැන ගත නොහැකි ප්‍රේමය දැන ගෙන එහි පළල, දිග, උස, ගැඹුර” (18 පදය) තේරුම් ගන්නා විට අපට “සම්පූර්ණයෙන් පිරී දෙවියන්වහන්සේගෙන්ම උතුරා යන” දෙවියන්වහන්සේගේ අභිමුඛයේ බලවත් අත්දැකීමක් ලබා ගත හැකි වන්නේය (19 පදය).

අපි “ඉල්ලනවාටත් සිතනවාටත් වඩා බහුල ලෙසින් දෙන්නාවු” (20 පදය) දෙවියන්වහන්සේගේ ප්‍රේමණීයයන්ය යන සත්‍යය මෙනෙහි කරමින් ආත්මික වර්ධනයට දෙවියන්වහන්සේගේ ප්‍රේමයට මුල් ඇද ගැඹුරට බැසීම අවශ්‍ය වේ. ඒ අපගේ ඇදහිල්ලට මොනතරම් අනර්ඝ පදනමක්ද?