ඇයට වයස අවුරුදු හතරේදී ඇයගේ මව මිය යන තෙක්ම ලිසියුක්ස්හි තෙරේසී ප්‍රීතිමත් නිදහස් දරුවෙක් වූවාය. එහෙත් ඇය බියසුළු ඉක්මණින් කලබල වන දැරියක බවට පත් විය. නමුත් බොහෝ වසර ගණනාවකට පසු නත්තලට පෙර දින රාත්‍රියෙහි ඇය ක්‍ෂණිකව වෙනස් වූවාය. සභාවේ සමූහනය සමඟ යේසුස්වහන්සේගේ උපත සැමරීමෙන් පසුව ඇයගේ බියෙන් ඇය මිදී ඇයට ප්‍රීතිය ලැබෙන බව අයට තේරුම් ගියාය. මෙම වෙනසට හේතුව යේසුස්වහන්සේ නම් මනුෂ්‍යයා ලෙසට දෙවියන්වහන්සේ ස්වර්ගයේ සිට පැමිණීමේ බලය සහ උන්වහන්සේ ඇය තුළ ජීවත් වීම නිසා බව ඇය දැන ගත්තාය.

ක්‍රිස්තුස්වහන්සේ අප තුළ ජීවත්වීම යනු කුමක්ද? පාවුල් කොලොස්සි සභාවට පවසන්නේ එය අභිරහසක් බවය. එය “පූර්වකාලවලද පරම්පරාවලද” (කොලොස්සි 1:25) දෙවියන්වහන්සේ සඟවා තබා තිබී දැන් සෙනගට එළිදරව් කර තිබේ. දෙවියන්වහන්සේ ඔවුන්ට එළිදරව් කළේ “එම තේජසේ බලාපොරොත්තුව නම් ඔබ තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේය” (27 පදය) කියාය. දැන් ක්‍රිස්තුස්වහන්සේ කොලොස්සිවරුන් තුළ ජීවත්වන බැවින් ඔව්හු අලුත් ජීවිතයේ ප්‍රීතිය අත්දකිති. ඔවුහු තවදුරටත් පැරණි පාප ජීවිතයේ වහලුන් නොවනු ඇත.

අප යේසුස්වහන්සේට අපගේ ගැළවුම්කරුවාණන් වන්නයැයි කියා තිබේ නම් උන්වහන්සේ අප තුළ ජීවත් වීමේ රහස අපි අත්දකිමු. තෙරේසීව මුදා ගත්තාක් මෙන් උන්වහන්සේගේ ආත්මයාණන් තුළින් අපව නිදහස් කිරීමට උන්වහන්සේට පුළුවන. එමෙන්ම උන්වහන්සේගේ ආත්මයාණන්ගේ ඵල වන ප්‍රීතිය, සාමය සහ පමණ දැන ක්‍රියා කිරීම (ගලාති 5:22-23) අප තුළ වර්ධනය කිරීමටද උන්වහන්සේට පුළුවන.

අප තුළ සිටින ක්‍රිස්තුස්වහන්සේගේ මනහර අභිරහස නිසා අපි උන්වහන්සේට ස්තුති කරමු.