ලීසාට ලැබුණු කාඩ් පතෙහි තිබුණු බයිබල් පදය ඇය සිටි තත්ත්වයට සුදුසු නැති බව පෙණුනි. “ස්වාමින්වහන්සේ තරුණයාගේ ඇස් පැහැදු සේක. එවිට එලිෂා වටේට ගිනි අශ්වයන්ගෙන්ද ගිනි රථවලින්ද කන්ද පිරී තිබෙන බව ඔහු දුටුවේය” (2 රාජාවලිය 6:17). මට පිළිකාවක් තිබේ. ඇය වියවුල්ව සිතුවාය. මගේ බබා නැතිවුනා. දේවදූත හමුදාවක් ගැන පදයක් මට අදාළ නැත.

ඉන්පසු මෙම දේවදූතයන් පෙනෙන්න පටන් ගත්හ. පිළිකාවලින් සුවවූ අය ඇයට කාලය දුන්නෝය. ඇයට ඇහුම්කන් දුන්නෝය. විදේශීය හමුදා සේවයකින් ඇගේ ස්වාමිපුරුෂයාට වේලාසනින් නිදහස ලැබුණි. මිතුරෝ ඇය සමග යාච්ඤා කළහ. නමුත් දෙවියන්වහන්සේගේ ප්‍රේමය ඇයට හොඳින්ම දැණුනේ ඇයගේ මිතුරිය වන පැටී, ටිෂු පෙට්ටි දෙකක් සමග පැමිණී විටය. ඒවා මේසහ මත තබා ඇය හැඬීමට පටන් ගත්තාය. පැටී දැන සිටියාය. ඇයට ගබ්සාවන් දෙකක් සිදුවී තිබුණි.

“අන් කිසිවකටත් වඩා එය මට වටිනවා” ලීසා කීවාය. “කාඩ්පත දැන් මට අර්ථයක් දෙනවා. මගේ දේවදූත හමුදාව දිගටම මා සමඟ සිට ඇත”.

හමුදාවක් ඉශ්‍රායෙලය වට කර ගත් විට සත්‍ය දේවදූතයන් සමූහයක් එලිෂාව ආරක්‍ෂා කළහ. නමුත් එලිෂාගේ සේවකයාට ඔවුන්ව පෙණුනේ නැත. “ඔහු අපි මක් කරමුදැයි” අනාගතවක්තෘගෙන් ඇසුවේය (15 පදය). එලීෂා යාච්ඤා කළේය. “ස්වාමින්වහන්ස, දකින පිණිස මොහුගේ ඇස් පැහැදුව මැනව” (17 පදය).

අප දෙවියන්වහන්සේ දෙස බලන විට අපගේ කරදර අපට ඇත්තෙන්ම අවශ්‍ය කුමක්දැයි පෙන්වන්නේය. අප තනිවී නැත. දෙවියන්වහන්සේගේ සහනය දෙන අභිමුඛය කිසිදා අපව අත් නාරින බව අපි දැන ගන්නෙමු. උන්වහන්සේ අසීමිත විශ්මිත ක්‍රම වලින් උන්වහන්සේගේ ප්‍රේමය අපට පෙන්වන සේක.