“ඔබ ලොකු වූණාම කවුරුන් වෙන්න කැමතිද?” යන ප්‍රශ්නය කුඩා කාලයේදී බොහෝ අවස්ථාවන්හි මාගෙන් අසා තිබුණි. පිළිතුර සුළඟ මෙන් වෙනස් විය. වෛද්‍යවරයෙක්, ගිනි නිවන භටයෙක්, මිෂනාරි වරයෙක්, නමස්කාර මෙහෙයවන්නෙක් හෝ රූපවාහිනි තරුවක් වූ මැක්ගයිවර් වැනි අයෙක් ඒ අතර විය. දැන් දරුවන් සතර දෙනෙක් සිටින පියෙකු ලෙස එම ප්‍රශ්නය ඔවුන්ගෙන් ඇසීම ඔවුන්ව අසීරුතාවයට පත් කරන්නේ යයි මට සිතේ. “ඔබ දක්‍ෂ කුමකටදැයි මම දනිමි” කියා පැවසීමට මට සමහර විට කල්පනා වේ. දරුවන් තමන් තුළ දකින දෙයට වඩා දේවල් සමහර විට දෙමාපියන් ඔවුන් තුළ දකිති.

මෙය පාවුල් විසින් ප්‍රේම කළ සහ යාච්ඤා කළ පිලිප්පි ඇදහිලිවතුන් තුළ දුටු දෙය දෝංකාරයට පත් කරන්නේය (පිලිප්පි 1:3). ඔහුට අවසානය පෙණුනි. සියල්ල කළ කී පසු ඔවුන් පැමිණෙන තත්ත්වය ඔහු දැන සිටියේය. කථාවේ අවසානය ගැන එනම් නැවත නැගිටීම සහ සියලු දේවල් අලුත් කිරීම ගැන රමණිය දර්ශණයක් අපට බයිබලය දක්වන්නේය ( 1 කොරින්ති 15 සහ එළිදරව් 21 බලන්න). එසේම එය කථාව කියන්නේ කවුද කියාත් අපට කියන්නේය.

සිරගෙදර සිට ලියු ලිපියක පළමු පේළිවල පාවුල් ලියන්නේ “නුඹලා තුළ යහපත් වැඩක් පටන්ගත් උන්වහන්සේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ දවස දක්වා ඒක සම්පූර්ණ කරන සේක” (පිලිප්පි 1:6) යනුවෙනි. යේසුස්වහන්සේ ක්‍රියාව පටන් ගත් සේක. උන්වහන්සේ එය අවසන් කරන සේක. “සම්පූර්ණ කිරීම” යන වචනය විශේෂයෙන් වැදගත් වන්නේය. කථාව නිකම්ම අවසන් වන්නේ නැත. දෙවියන්වහන්සේ කිසි දෙයක් අවසන් නොකර තබන්නේද නැත.