මා ජැකීගේ ඇඳ අසළට පුටුව ඇද ගන්නා විට කාමරය අඳුරුව නිසලව තිබුණි. පිළිකාව සමග තුන් වසරක සටනකට පෙර මාගේ මිතුරිය ජ්වලිත කෙනෙක් වූවාය. ඇය සිනහවෙමින් ඇස්වල ජීවය සහිතව මුහුණ ආලෝකමත්ව සිටින අයුරු මට තවම මතකය. දැන් ඇය නිසලය. නොසෙල්වෙන්නීය. මා ඇය හමුවීමට ගියේ අසාධ්‍ය රෝගීන්ගේ කාමරයටය.

කුමක් කියන්නදැයි නොදැන මම බයිබල් පද කිහිපයක් ඇයට කියවන්න තීරණය කළෙමි. මම පසුම්බියෙන් බයිබලය ගෙන දිග හැර 1 කොරින්ති පොතෙන් කියවන්න පටන් ගත්තෙමි.

එම බැහැදැකීමෙන් පසු මාගේ මෝටර් රථයේ හැඟීම් බර කාලයක් තුළදී මාගේ කඳුළු ගලා යෑමේ වේගය අඩු කරන සිතුවිල්ලක් සිතට පහළ විය. “ඔබ නැවත ඇයව දකිනු ඇත”. දුකින් සිරවී සිටි මට ඇදහිලිවතුන්ට මරණය තාවකාලික එකක් බව අමතක වී තිබුණි (1 කොරින්ති 15:21-22). මා ජැකීව නැවත දකින බව මට මතක් විය. ඊට හේතුව අප දෙදෙනාම අපගේ පාප සමාව උදෙසා යේසුස්වහන්සේගේ මරණය සහ නැවත නැගිටීම විශ්වාස කර ඇති නිසාය (3-4 පද). යේසුස්වහන්සේ තම කුරුසිපත් වීමෙන් පසු නැවත ජීවනයට පැමිණී විට දෙවියන්වහන්සේගෙන් සහ එකිනෙකාගෙන් අපව වෙන් කිරීමට මරණයට තිබූ බලය සම්පූර්ණයෙන්ම නැති වුනි. අප මිය ගිය පසු අප දෙවියන්වහන්සේ සහ අපගේ ආත්මික සහෝදර සහෝදරියන් සමග සදාකාලයටම ස්වර්ගයෙහි ජීවත් වනු ඇත.

යේසුස්වහන්සේ අද ජීවමාන නිසා උන්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට අලාභය සහ දුකේදී බලාපොරොත්තුවක් ඇත්තේය. කුරුසියේ ජයග්‍රහණය මරණය ගිල දමා ඇත්තේය (54 පදය).