ආචාර්ය සියුස්ගේ එක් කථාන්දරයක උතුරට යන සැක්ස් කෙනෙක් සහ දකුණට යන සැක්ස් කෙනෙක් ගැන කියවේ. ඔව්හු ප්‍රැක්ස් නැමැති විශාල තණ බිම හරහා යමින් සිටියහ. ඔව්හු නාසයට නාසය තරම් ළංවූවත් එක් කෙනෙක් හෝ පසුපසට යාමට අකමැති වූහ. පළමු සැක්ස් “මුළු ලෝකයම එකම තැන නැවතීමට” එය හේතුවක් වූවත් නොහැරෙන්නේ යයි කෝපයෙන් දිවුළේය. (ඒ ගැන නොසළකා ලෝකය චලනය වෙමින් ඔවුන් දෙදෙනා වටා අධිවේගී මාර්ගයක් ගොඩ නගයි).

කථාව මනුෂ්‍ය වර්ගයා ගැන හරියාකාර චිත්‍රයක් උද්දීපනය කරයි. එය පිළිගැනීම අපහසුය. අපි හරියැයි කීමට ඇතුළාන්තයෙන්ම එන ස්වභාවයක් අප තුළ ඇත්තේය. අපි එම ගුණාංගයේ මුරණ්ඩු ලෙස එල්ලීගෙන සිටින්නෙමු. ඒ ක්‍රම සමහරක් විනාශකාරීය.

අපට සතුටු විය හැකි කාරණයක් නම් දෙවියන්වහන්සේ මුරණ්ඩු මිනිස් ස්වභාවය මෘදු කිරීමට තෝරා ගෙන තිබීමය. අපෝස්තලු පාවුල් මෙය දැන සිටියේය. ඒ හෙයින් පිලිප්පි සභාවේ දෙදෙනෙකු ගැටෙන විට එය අත් හරින්න යැයි ඔහු ඔවුන්ට ප්‍රේමයෙන් කීවේය (පිලිප්පි 4:2). “ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුළ තිබූ සිතම නුඹලා තුළත් තිබේවා” (2:5-8) කියා අන් අයට පාවුල් පවසන්නේ මේ ස්ත්‍රීන්ට උපකාර කරන ලෙසය. ඔවුන් ඔහු සමග ශුභාරංචිය ප්‍රකාශ කළාවූ වටිනා හවුල් සේවිකාවන්ය (4:3). එය සාමය ගොඩ නැගීම පිණිස කණ්ඩායමක් මෙන් ක්‍රියා කිරීමට ණැනවත් කැඳවීමකි.

ස්ථීර පියවරක් ගැනීමට කාලවල් ඇත්තේය. නමුත් පරාජය නොවන සැක්ස් කෙනෙකුට වඩා ක්‍රිස්තුස්වහන්සේගේ වැනි ජීවිතයක් හොඳය. ජීවිතයේ බොහෝ දේවල් සටන් කිරීමට වටිනා ඒවා නොවේ. අපව විනාශ කර ගන්නා තුරු අපට එකිනෙකා හා කලහ කර ගත හැකිය (ගලාති 5:15). නැතිනම් අපගේ අහංකාරය ගිලගෙන ණැනවත් උපදෙස් දයාවෙන් පිළිගෙන අපග් සහෝදර සහෝදරියන් සමග සමාදානය සෙවිය හැකිය.