දරුණු වචන සිත රිදවයි. සම්මාන ලාභී කර්තෘ වරයෙක් වන මාගේ මිතුරෙකු තමා ලත් විවේචනයන්ට ප්‍රතිචාර දක්වන ආකාරය නොදැන සිටියේය. ඔහුගේ අලුත් පොතට තරු පහේ ඇගයීම් සහ ප්‍රධාන පෙළේ සම්මානයක් ලැබුණි. නමුත් එක් පිළිගත් සඟරාවක විචාරකයෙක් ඔහුගේ පොත විවේචනය කරමින් එය ඉතා හොඳින් ලියා ඇති බව කියන නමුත් එහි වැරදි කෲර ලෙස පෙන්වූයේය. ඔහු තම මිතුරන් දෙසට හැරී එයට පිළිතුරු දෙන්නේ කෙසේදැයි ඔවුන්ගෙන් ඇසීය.

එක් අයෙක් ඔහුට කීවේ “අත්හැර දමන්න” කියාය. මම ඒ පිළිබඳව සඟරාවලින් උපදෙස් සෙවීමි. ඒවායින් ලැබුණු උපදෙස් නම් අත්හැර දමන්න හෝ එයින් ඉගෙන ගන්න හෝ කියාත් ඒ අතර තුරදී අත්නොහැර ලියන ලෙසත්ය.

කෙසේ වෙතත් අවසානයේ බයිබලය එය ගැන කියන්නේ කුමක්දැයි බැලීමට මම තීරණය කළෙමි. දැඩි විවේචනයන්ට මුහුණ දෙන්නේ කෙසේද කියා හොඳම උපදෙස් ඇත්තේ එහිය. යාකොබ් පොත උපදෙස් දෙන්නේ “සියල්ලෝම ඇසීමට ඉක්මන් වේවා. කථා කිරීමටත් උදහස් වීමටත් ප්‍රමාද වේවා” (1:19) කියාය. අපෝස්තලු පාවුල් උපදෙස් දෙන්නේ “එකිනෙකා සමග එක්සිත් වන්න” (රෝම 12:16) යනුවෙනි.

හිතෝපදේශයේ සම්පූර්ණ පරිච්ඡේදයක්ම ගැටුම් සමථයකට පත්කර ගැනීමට ප්‍රඥාව ලබා දෙන්නේය. “මෘදු උත්තරයකින් කෝපය පහවෙයි” (හිතෝපදේශ 15:1). “ඉවසිලි ඇත්තා ඩබරය සංසිඳුවයි” (18 පදය). “අවවාදය අසන්නා නුවණ ලබා ගන්නේය” (32 පදය). මගේ මිතුරා කළාක් මෙන් එවැනි ප්‍රඥාව සළකා බැලීම පිණිස අපගේ දිව පාලනය කර ගැනීමට දෙවියන්වහන්සේ උපකාර කෙරේවා. ඊටත් වඩා ප්‍රඥව අපට උපදෙස් දෙන්නේ ස්වාමින්වහන්සේට භයවන ලෙසය. ඊට හේතුව “ගෞරවයට පළමුවෙන් යටහත්කම” (33 පදය) ඇති නිසාය.