දකුණු අප්‍රිකානු ෆ්‍රෙඩි බ්ලොම් 2018 දී 114 වැනි වියට පා තැබීය. ඔහු මෙලොව ජීවත්වන වයස්ගතම තැනැත්තා ලෙස ප්‍රසිද්ධ වූයේය. ඔහු ඉපදුනේ 1904 දීය. රයිට් සහෝදරයන් ෆ්ලයර් 2 නිපදවූයේ එම වසරේදීය. ඔහු ලෝක මහා යුද්ධ දෙක තුළම ජීවත් වූයේය. එසේම කළු සුදු භේද සහ මහා ආර්ථික අවපාතය කාලයේද ඔහු අත්දැකීම් ලැබීය. ඔහුගේ දීර්ඝ ජීවීතයට හේතුව ඇසූ විට බ්ලොම්ට කියන්න විශේෂ දෙයක් තිබුණේ නැත. ඔහු හොඳ සෞඛ්‍යය වැඩිකරන ආහාර සහ පුරුදු භාවිතා කළේ නැත. නමුත් තම මනහර සුවය ගැන ඔහු එක් දෙයක් කියයි : “එක් දෙයක් තිබේ. ඒ දෙවියන්වහන්සේය. උන්වහන්සේ සර්ව බලධාරීය. උන්වහන්සේ මාව අල්ලා ගෙන සිටින සේක” යනුවෙනි.

බ්ලොම් ප්‍රකාශ කරන්නේ ඉශ්‍රායෙලය දරුණු සතුරන් යටතෙහි සිටි කාලයේ දෙවියන්වහන්සේ ඉශ්‍රායෙල්ට පැවසූ වචන වලට සමාන දෙයකි. “මම නුඹ ශක්තිමත් කොට නුඹට උපකාර කරන්නෙමි” කියා දෙවියන්වහන්සේ පොරොන්දුවූ සේක. “මාගේ ධර්මිෂ්ඨකම නැමති දකුණතින් මම නුඹ උසුලන්නෙමි” (යෙසායා 41:10). ඔවුන්ගේ තත්ත්වය කෙසේ වෙතත් ඔවුන්ට නැවතත් සහනයක් ලබා ගැනීම අපහසු යයි පෙනුනත් දෙවියන්වහන්සේ තම සෙනගට සහතික වන්නේ ඔවුන් තම මෘදු රැකවරණය යටතේ ඉන්නා බවය. “භය නොවන්න. මක්නිසාද මම නුඹ සමග සිටිමි. තැති නොගනින්න මක්නිසාද මම නුඹේ දෙවියන්වහන්සේය” (10 පදය) කියා උන්වහන්සේ ස්ථීර ලෙස කියා සිටින සේක.

අපට කෙතරම් වසර ගණනක් දී ඇතත් ගැටළුවක් නැත. ජීවිතයේ අසීරුතා අපගේ දොරට ගසනු ඇත. කරදර සහිත විවාහයක්, දරුවෙක් පවුල අත්හැර යාම, වෛද්‍යවරයාගෙන් බියකරු ආරංචියක් හෝ පීඩා පවා පැමිණිය හැකිය. කෙසේ වෙතත් අපගේ දෙවියන්වහන්සේ අප වෙත පැමිණ අපව තදින් අල්ලා ගන්නා සේක. උන්වහන්සේ අපව ළංකර ගෙන උන්වහන්සේගේ ශක්තිමත් මෘදු දෑතින් අපව ග්‍රහණය කර ගන්නා සේක.