මාගේ ස්වාමිපුරුෂයා වන ඇලන් ක්‍රීඩා පිට්ටනිය එළිය කරන විශාල ආලෝකයක් යට සිට ගෙන සිටියේය. විරුද්ධ පැත්තේ ක්‍රීඩකයෙකු පන්දුවක් ඉතා ඉහළට ගැසීය. ඔහුගේ ඇස් පන්දුව මත තබා ගෙන ඇලන් පිට්ටනියේ අඳුරුම පැත්තට ඉතා වේගයෙන් දිව ගියේය. ඔහු කම්බි වැටෙහි පැටළුණි.

එදින රාත්‍රියෙහි මම ඔහුට අයිස් බෑගයක් දුන්නෙමි. “දැන් ඔයාට කොහොමද?” කියා මම ඇසුවෙමි. ඔහු තම උරහිස පිරිමදිමින් “මගේ මිතුරෝ මම වැට ළඟ යැයි කීවා නම් මගේ හිතට හොඳයි” කියා කීවේය.

කණ්ඩායම් හොඳින්ම ක්‍රියා කරන්නේ ඔවුන් එක්ව ක්‍රියා කරන විටය. ඔහු වැට ළඟට ළංවෙද්දී ඔහුගේ කණ්ඩායම ඔහු වැට ළඟට ළංවෙන බව මොර ගසා කීවේ නම් ඇලන්ගේ තුවාලය මග හැරීමට තිබුණි.

බයිබලය අපට පවසන්නේ සභාව සකසා ඇත්තේ සියලු සාමාජිකයන් කණ්ඩායමක් ලෙස ක්‍රියා කර එකිනෙකා ගැන බලා ගැනීම සඳහා බවය. අපෝස්තලු පාවුල් පවසන්නේ අප එකිනෙකා සමග ක්‍රියා කරන ආකාරය ගැන දෙවියන්වහන්සේ සළකන බවය. ඊට හේතුව එක් අයෙකුගේ ක්‍රියාවන් මුළු ඇදහිලිවතුන් සමූහනයටම බලපාන නිසාය (කොලොස්සි 3:13-14). අන් අයට සේවය කිරීමට අපි අවස්ථා අල්ලා ගෙන එක්සත්කමට සහ සාමයට කැපවූ විට සභාව දළු ලා වැඩෙනු ඇත (15 පදය).

පාවුල් තම පාඨකයන්ට උපදෙස් දෙන්නේ “ක්‍රිස්තුස්වහන්සේගේ වචනය නුඹලා තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධව වාසය කෙරේවා. නුඹලා ගීතිකා වලින්ද කවි වලින්ද ආත්මික ගී වලින්ද එකිනෙකාට උගන්වමින් දැනමුතුකම් දේවා” (16 පදය) කියාය. මේ ක්‍රමයට අපට ප්‍රේ්‍මණිය අවංක සම්බන්ධතා වලින් එකිනෙකාව ජ්වලිත කළ හැකිය. කෘතඥ හදවත් වලින් දෙවියන්වහන්සේට ප්‍රශංසා කරමින් ඔවුන් වර්ධනය කළ හැකිය.