පවුලේ පැරණි කථාවකට අනුව බිලී සහ මෙල්වින් යන සහෝදරයන් දෙදෙනා දිනක් තම ගොවිපොළේ සිටින විට ගුවන් යානයක් අහසේ යමක් ලියනවා දුටුවෝය. ගුවන් යානය GP යන අකුරු දෙක ලියනාකාරය ඔවුහු බලා සිටියහ.

ඔවුන් දෙදෙනාම තීරණය කළේ ඔවුන් දුටු දෙය ඔවුන්ට අර්ථයක් දෙන බවය. එක් අයෙක් සිතුවේ එයින් අදහස් කළේ “Go Preach” “ගොස් දේශනාකරන්න” කියා කියවෙන බවය. අනෙකා සිතුවේ “Go Plow” “ගොස් හාන්න” කියා කියවුනු බවයි. ඔවුන්ගෙන් එක් අයෙක් වන බිලි ග්‍රැහැම් පසු කාලයකදී ශුභාරංචිය දේශනා කිරීමට භාර විය. ඔහු ශුභාරංචි සේවයේ වීරෝධාර පුද්ගලයෙකු බවට පත්විය. ඔහුගේ සහෝදරයා වන මෙල්වින් වසර ගණනාවක් විශ්වාසවන්තව පවුලේ ගොවිපොළ නඩත්තු කළේය.

අහසේ එම අකුරු පැත්තකට දැමුවද පෙනෙන අන්දමට දෙවියන්වහන්සේ බිලීව දේශනා කිරීමටද මෙල්වින්ව හෑමටද කැඳවූ අතර දෙදෙනාම ඔවුන්ගේ කාර්යයෙහි දෙවියන්වහන්සේට ගරු කළහ. බිලී ඔහුගේ දේශනා කාර්යයෙහි බොහෝ කාලයක් නියැලී සාර්ථක වීම නිසා සීසැම සඳහා කැඳවන ලද ඔහුගේ සහෝදරයාගේ කීකරුකම අඩු තක්සේරුවට ලක් කළ නොහැකිය.

දෙවියන්වහන්සේ සමහරෙක්ට පූර්ණකාලීන සේවය දුන්නද (එපීස 4:11-12) අනෙක් රැකියා සහ භූමිකාවල නියුතු අය වැදගත් දෙයක් නොකෙරේ යයි එයින් අදහස් කෙරෙන්නේ නැත. පාවුල් කියන ලෙසට “එක එක කොටස තම කාර්යය කළ යුතුවේ” (16 පදය). එයින් අදහස් වන්නේ යේසුස්වහන්සේ අපට දෙන ලද දීමනා විශ්වාසවන්ත ලෙස භාවිතා කිරීමය. අප එසේ කළ විට අප “ගොස් දේශනා” කළත් “ගොස් හෑවත්” අප කොතැන සේවය කළත් වැඩ කළත් අපට යේසුස්වහන්සේට ගරු කළ හැකිය.