මට පැරණි මිතුරෙක් හමුවිය. ඔහු කරමින් සිටි දේවල් මට කීවේය. නමුත් එය සත්‍ය වීමට හොඳ වැඩි යයි මට සිතුණි. එම දෙබසින් මාස කිහිපයකට පසු ඔහුගේ සංගීත කණ්ඩායම සෑම තැනම විය. ගුවන් විදුලියේ සිට රූපවාහිණිය දක්වාය. ඔහු සාර්ථකත්වයට පා තැබීම ඉතා වේගවත් විය.

අප සාර්ථකත්වයෙන් සහ වැදගත්කමින් වියරු වැටෙන්න පුළුවන. ඒ විශාලය, නාට්‍යානුසාරය, ක්‍ෂණිකය, වේගවත්ය. නමුත් අබ ඇටය සහ මුහුන්වල උපමා වලට අනුව දේව රාජ්‍යයේ (දෙවියන්වහන්සේගේ භෞමික පාලනයේ) මාර්ගය, කුඩා සැඟවුනු වැදගත් නැතැයි පෙනෙන සෙමෙන් සහ ක්‍රමානුකූලව සිදුවන කාරණාවලට සංසන්දනය වේ.

රාජ්‍යය එහි රජු මෙන්ය. ක්‍රිස්තුස්වහන්සේගේ දූතනය උන්වහන්සේගේ ජීවිතයේ උච්චත්වයට පැමිණියේ පොළොවේ යටවුනු බීජයක් මෙන්ය; පිටිවල සැඟවුනු මුහුන් මෙන්ය. එසේ වුවත් උන්වහන්සේ නැගිට්ට සේක. පොළොව විදගෙන නැගෙන ගසක් මෙන් රස්නය වදින විට පිපෙන පාන් මෙන් යේසුස්වහන්සේ නැගිට්ට සේක.

උන්වහන්සේගේ මාර්ගයේ ජීවත්වීමට අපට ආරාධනා කෙරේ. ඒ අත් නොහැර ව්‍යාප්ත වන මාර්ගයකය. ඒ පරීක්‍ෂාවට නොවැටී, කාරණා අප අතට නොගෙන, බලය ග්‍රහණය කර නොගෙන, අපගේ ගණුදෙනු ලෝකයේ ප්‍රතිඵල අනුව සාධාරණීය නොකර සිටීමෙනි. එසේ සිටීමේ ප්‍රතිඵලය නම් “පක්‍ෂීන් ඇවිත් එහි අතුවල ලගින තරමට” (32 පදය) සෑදෙන ගසකි. මංගල්‍යයකට අවශ්‍ය ලෙසට පාන් සැපයීමකි. මේවා ක්‍රිස්තුස්වහන්සේගේ ක්‍රියා මිස අපගේ ඒවා නොවේ.