සෙනසුරාදා උදෑසන 6.33 ට …. ප්‍රශංසා ගීතය පඩි පෙළේ පහළට ගලා ආවේය. මම සිතුවේ කිසිකෙනෙක් අවදි වී නැත කියාය. නමුත් මාගේ බාල දියණියගේ සිහින් කටහඬ මා වැරදි බව ඔප්පු කළේය. ඇය නින්දෙන් අවදි වූවා පමණී. නමුත් ඇයගේ තොල්වල ගීතිකාවකි.

මාගේ බාලම දියණිය ගායිකාවකි. ඇයට ගායනා නොකර සිටීමට බැරිය. ඇය අවදිවන විට ගායනා කරන්නීය. ඇය පාසැලට යන විටත්, නින්දට යන විටත් ගායනා කරයි. ඇය ගායනා කිරීමේ හදවතක් ඇතුව ඉපදී ඇත. බොහෝ විට ඇයගේ ගීත යේසුස්වහන්සේ වෙත යොමුව තිබේ. ඇය ඕනෑම වෙලාවක ඕනෑම ස්ථානයක දෙවියන්වහන්සේට ප්‍රශංසා කරන්නීය.

මම ඒ සරල භක්තිය සහ උදයෝගයට කැමැත්තෙමි. ඇයගේ ක්‍ෂණික ප්‍රීතිමත් ගීතිකා දෝංකාර දෙන්නේ බයිබලය පුරා ඇති දිව්‍ය නමස්කාරයට කරන ආරාධනාය. ගීතාවලිය 95 හි අප දකින්නේ “එව්. ස්වාමින්ට ගායනා කරමු. අපේ ගැළවීමේ පර්වතයට ප්‍රීති ඝෝෂා පවත්වමු” (1 පදය) යනුවෙනි. තවදුරට කියවන විට මෙම ප්‍රශංසාව උන්වහන්සේ කව්ද කියා දැනගැනීමෙන් මතුවන බව අපි දකිමු (මක්නිසාද ස්වාමින්වහන්සේ මහත් දෙවි කෙනෙක්ය. සියලු ගුරුවරුන්ට වඩා මහත් රජ කෙනෙක්ය” (3 පදය). එසේම අප කාට අයිතිද (උන්වහන්සේ අපේ දෙවියන්වහන්සේය. අපි උන්වහන්සේගේ ගොදුරු බිමේ සෙනගය (7 පදය).

මෙම සත්‍යයන් මගේ දියණියට උදෑසන පළමු සිතුවිලි වන්නේය. දෙවියන්වහන්සේගේ අනුග්‍රහයෙන් උන්වහන්සේට ගායනා කිරීමේ ප්‍රීතිය ගැන අපට බලවත් මතක් කිරීමක් කරන ඇය කුඩා නමස්කාර කරන්නියකි.