ජංගම දුරකථන, වයි-ෆයි, ජීපීඑස්, බ්ලූටූත්, මයික්‍රොවේව් උදුන් නැති ජීවිතයක් ගැන සිතන්න. බටහිර වර්ජිනියාවේ පිහිටි ග්‍රීන් බැන්ක් නැමැති කුඩා නගරය එවන්වූ නගරයකි. එය ඇමෙරිකාවේ නිශ්චලම නගරය ලෙස හැඳින්වේ. එහි විශාලතම විදුලි දුරදක්නය ඇති ග්‍රහලෝකාගාරය පිහිටා තිබේ. එම දුරදක්නයට නිශ්චලතාවය
අවශ්‍ය වේ. ඒ ගැඹුරු අභ්‍යාවකාශයේ මන්දාකිණි වලින් නික්මෙන ස්වාභාවික තරංග වලට සවන් දීමටය. එහි විශාලත්වය විශාල පාපන්දු පිට්ටනියකටත් වඩා වැඩිය. ජාතික ගුවන්විදුලි නිශ්චල කලාපයේ වර්ග සැතපුම් 13000 ක කොටසක් වෙන් කර ඇත්තේ අධිසංවේදී දුරදක්නයට බාධා කරන ඉලෙක්ට්‍රොනික බාධාවන් වැළැක්වීමටයි.

මේ උවමනාව නිසා තබා ඇති නිශ්චලතාවය හේතුවෙන් විද්‍යාඥයින්ට අභ්‍යාවකාශ සංගීතයට සවන් දීමට හැකියාව ලැබී ඇත. එසේම එය අපට මතක් කරන්නේ විශ්වය මවා ඇති තැනන්වහන්සේට සවන් දීමට අප ප්‍රමාණවත් ලෙස නිශ්චල විය යුතු බවයි. දෙවියන්වහන්සේ මංමුළාව සිටි සෙනගකට යෙසායා අනාගතවක්තෘ තුළින් කථා කළ සේක. “නුඹලාගේ කන් යොමා මා ළඟට ඇවිත් අසන්න. එවිට නුඹලාගේ ප්‍රාණය ජීවත් වන්නේය. මමද …. සදාකාල ගිවිසුමක් නුඹලා සමග කරන්නෙමි” (යෙසායා 55:3). උන්වහන්සේව සොයා උන්වහන්සේ වෙතට පාප සමාව පිණිස හැරෙන අයට දෙවියන්වහන්සේගේ විශ්වාසවන්ත ප්‍රේමය උන්වහන්සේ පොරොන්දු වන සේක.

දෙවියන්වහන්සේව බයිබලය සහ යාච්ඤාව තුළින් හමුවන පිණිස අපගේ බාධාවලින් අපි උන්වහන්සේ වෙත උවමනාවෙන් හැරෙමු. දෙවියන්වහන්සේ දුර නොවේ. අපගේ දෛනික ජීවිතයේ සහ සදාකාලයේ ප්‍රමූඛතාවය කර ගැනීමට උන්වහන්සේට කාලය දීම අපගෙන් දෙවියන්වහන්සේ බලාපොරොත්තු වන සේක.