තම මව වන ෂැරොන්ඩාගේ මරණින් පැය 24 කින් පසු ක්‍රිස් එම බලවත් කරුණාවන්ත වචන කියනවා ඔහුට දැණුනි. “ප්‍රේමය වෛරයට වඩා දැඩිය”. ඔහුගේ මව සහ තවත් අට දෙනෙකු දකුණු කැරොලිනාවේ චාර්ල්ස්ටන් ප්‍රදේශයේ බයිබල් පාඩමක නියැලි සිටින විට මරා දමන ලද්දෝය. ඔහුගේ හදවතින් සහ තොල් වලින් එවැනි වචන පිටවීමට මෙම යෞවනයාගේ ජීවිතය හැඩ ගැසුවේ කුමක්ද? ක්‍රිස් යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතෙකු විය. ඔහුගේ මව සියලු දෙනාටම “හදවතින්ම ප්‍රේම කළාය”.

ලූක් 23:26 හි අපරාධකාරයින් දෙදෙනෙකු සහ අහිසංක යේසුස්වහන්සේව මරා දමන දර්ශනයක් ඉදිරිපිට අපි සිටින්නෙමු (32 පදය). තුන්දෙනාවම කුරුසිපත් කරනු ලැබීය (33 පදය). සෙනගගේ “අහෝ”, “අයියෝ” සහ කුරුසියේ එල්ලී උන් අයගේ කෙඳිරීම් මධ්‍යයෙහි යේසුස්වහන්සේගේ මේ වචන ඇසුණි “පියාණෙනි, ඔවුන්ට කමා වුව මැනව. මක්නිසාද ඔවුන් කරන්නේ කුමක්ද කියා ඔව්හු නොදනිති” (34 පදය). ආගමික නායකයන්ගේ වෛරයෙන් පිරී මුල් පියවරයන් නිසා ප්‍රේමයේ වීරවරයාණෝ ඇණ ගැසීමට භාජනය වූහ. වේදනාව තුළින් යේසුස්වහන්සේගේ ප්‍රේමය ජයග්‍රහණයෙන් ජයග්‍රහණයට ගියේය.

ඔබ හෝ ඔබ ප්‍රේම කරන කෙනෙකු හෝ වෛරයේ, තිත්තකමේ හෝ කුහකකමේ ඉලක්කයක් වීද? ඔබගේ වේදනාව නිසා යාච්ඤා ඉස්මතු වේවා. යේසුස්වහන්සේගේ සහ ක්‍රිස් වැනි සෙනගගේ ආදර්ශයත් ආත්මයාණන්ගේ බලයත් වෛරයට ඉහළින් යන ප්‍රේමය තෝරා ගැනීමට ඔබට උපකාර වේවා.