බොහෝ විට අසන ප්‍රශ්නයක් ලන්ඩන් ටයිම්ස් පත්‍රය විසිවෙනි ශතවර්ෂය මුලදී පාඨකයන්ගෙන් ඇසුවේය. “ලෝකයට ඇති ප්‍රශ්නය කුමක්ද?”

එය හොඳ ප්‍රශ්නයකි. කෙනෙකුට ඉක්මණින් පිළිතුර දිය හැකිය. “හරි එයට පිළිතුරු දීමට මට කෙතරම් කාලයක් දෙනවාද?” එය සාධාරණය. ඊට හේතුව මේ ලෝකයේ බොහෝ වැරදි ඇති බව පෙනෙන නිසාය. ප්‍රවෘත්තියකට අනුව “ටයිම්ස් සඟරාවට” බොහෝ ප්‍රතිචාර ලැබුණි. නමුත් එකක් ඉතා ණැනවත් විය. ඉංග්‍රීසි කවියෙකු වන ජී.කේ. චෙස්ටර්ටන්ගේ ප්‍රතිචාරය වූයේ සාමාන්‍යයෙන් අනුන් ගැන කියනවාට වඩා යමකි. ඔහු වචන හතරකින් තම ප්‍රතිචාරය දැක්වූයේ “ප්‍රිය මහත්වරුනි, ඒ මමය” යනුවෙනි.

එය සත්‍යයද? නැතිනම් වාද වලට තුඩු දෙන්නේද කියා අපි නොදනිමු. නමුත් එය සත්‍යයකි. චෙස්ටර්ටන්ට බොහෝ කාලයකට පෙර පාවුල් නම් අපෝස්තලුවරයෙක් සිටියේය. ඔහු ආදර්ශමත් පුරවැසියෙකි. ඔහු තම අතීත වැරදි පැවසීය. “පළමුවෙන් මම අපහාසකරන්නෙක්ව, පීඩාකරන්නෙක්ව, නින්දා කරන්නෙක්ව සිටියෙමි” (13 පදය). යේසුස්වහන්සේ ගළවා ගැනීමට පැමිණි අය (පව්කාරයන්) නම් කිරීමෙන් පසුව ඔහු චෙස්ටර්ටන් මෙන් ප්‍රකාශයක් කරයි. “මම ඉන් ප්‍රධාන පව්කාරයා” යයි ඔහු කියන්නේය (15 පදය). පාවුල් ලෝකයේ ඇති වරද හොඳින්ම දැන සිටියේය. එසේම කාරණා හරිගැස්සීමට ඇති එකම බලාපොරොත්තුව නම් දෙවියන්වහන්සේගේ කරුණාව (14 පදය) බව ඔහු දැන සිටියේය. කෙතරම් විශ්මිත සත්‍යයක්ද? මෙම නොනවතින සත්‍යය අපව ක්‍රිස්තුස්වහන්සේගේ ගැළවීමේ ප්‍රේමයේ ආලෝකයට අපගේ ඇස් ඔසවා තබන්නේය.