ඔහුගේ සභාව අසළ අඩු ආදායම් ප්‍රදේශයකින් ගමන් කරන අතර කොලරාඩෝ ප්‍රදේශයේ සභාපාලක චැඩ් ග්‍රැහැම් තම අසල්වාසීන් ගැන යාච්ඤා කළේය. එහිදී ඔහු හදිසියෙන්ම කුඩා ස්වයං ලොන්ඩරියක් දුටුවේය. ඔහු එය තුළට එබී බැලීය. එය පාරිභෝගිකයන්ගෙන් පිරී තිබුණි. එක් අයෙකු රෙදි වේලන යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට කාසියක් ඉල්ලුවේය. එම කුඩා ඉල්ලීම සතිපතා “ලෝන්ඩ්‍රි දවසක්” ආරම්භ කිරීමට ග්‍රැහැම්ගේ සභාවට දායකත්වය ලබා දීමට මග පෑදුවේය. සභා සාමාජිකයන් ලොන්ඩරියට අවශ්‍ය සබන් සහ කාසි දුන්නෝය. සාමාජිකයන් සමග යාච්ඤා කළෝය. එසේම ලොන්ඩරියේ අයිතිකරුට උපාකාරද කළෝය.

ඔව්හු ඔවුන්ගේ අසල්වාසීන්ට ශුභාරංචිය ප්‍රකාශ කිරීම පිණිස ලොන්ඩරියක් යොදා ගත්තෝය. එය ප්‍රදර්ශණය කරන්නේ යේසුස්වහන්සේ තම ගෝලයන්ට දුන් මහා ආඥාවයි. උන්වහන්සේ කීවේ “ස්වර්ගයෙහිද පොළොවෙහිද සියලු බලය මට දී තිබේ. එබැවින් නුඹලා ගොස් සියලු ජාතීන් ගෝලයන් කරන්න. පියාණන්ගේත් පුත්‍රයාණන්ගෙත් ශුද්ධාත්මයාණන්ගෙත් නාමයට ඔවුන් බෞතිස්ම කරන්න” (මතෙව් 28:18-19) යනුවෙනි.

උන්වහන්සේගේ ශුද්ධාත්ම අභිමුඛය නිසා “සෑම තැනකම” ශුභාරංචිය එනම් ලොන්ඩරියක පවා ප්‍රකාශ කිරීමට අපට හැකියාව ඇත්තේය. යේසුස්වහන්සේ කී ලෙස උන්වහන්සේ “ලෝකාන්තිමය දක්වා සෑමකල්හිම” අප සමග සිටින සේක.

සභාපාලක චැඩ් සත්‍යය අත් දුටුවේ පිලිකාවක් සමග සටන් කරමින් සිටින ජෙෆ් නම්වූ පාරිභෝගිකයෙක්ට ලොන්ඩරිය තුළ යාච්ඤා කිරීමෙන් පසුවය. චැඩ් වාර්තා කරන පරිදි “අප ඇස් ඇර බලන විට ලොන්ඩරියේ සිටි සියලු දෙනා ජෙෆ් දෙසට අත දිගුකර යාච්ඤා කරමින් සිටියහ. එය මම සභාපාලක කෙනෙක් ලෙසට අත් විඳි ඉතාමත් ශුද්ධවූ මොහොතක් වූයේය” කියාය.

පාඩම නම් : ක්‍රිස්තුස්වහන්සේව ප්‍රකාශ කිරීමට සෑම තැනකටම අපි යමු.